IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අපනයන ගම්මාන 5000ක් හදන්න යයි

නාලක සංජීව දහනායක
 
දිවයිනේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ම ආවරණයවන පරිදි අපනයන ගම්මාන 5,000ක් ඉදිකිරීමට සමාජ සුබසාධන හා ප‍්‍රථමික කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර ඇත.

 
ඒ ඒ ප‍්‍රදේශවලට ආවේණික වූ පළතුරු, ඖෂධ හා වෙනත් බෝග වර්ග මෙම ගම්මානවල වගාකිරීමට නියමිතය. මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීම තුළින් අපනයන ආදායම වැඩිකර ගැනීම රජයේ අරමුණ වී තිබේ.
 
එමෙන්ම දිවයිනපුරා අපනයන බෝග පැල දසකෝටියක් බෙදාහැරීම හා අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගිවන අයට පැළයක් ලබාදීමටද අමාත්‍යංශය තීරණය කර ඇත.
 
වත්මන් රජයට වසර තුනක් පිරීම නිමිත්තෙන් මෙම මස 15 වැනිදා සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට අමාත්‍යංශය තීරණය කර ඇත.



අදහස් (2)

අපනයන ගම්මාන 5000ක් හදන්න යයි

lalith Wednesday, 01 August 2018 04:25 PM

පැලේකට රුපියල ගානේ තිබ්බොත්, රුපියල් දසකොටියකට වැඩේ දෙන්නයි යන්නේ. පැලේ ගණනේ දීලා , උදහරනේහට ගම්මිරිස් පැල ගනිමු, ගම්මිරිස් ඇට හුන්ඩුව ගණනේ එකතු කරලා අපනයනය නංවන්න පුළුවන් කියලා ගොන් අදහසක් දුන්නේ කවුද? අක්කර තුන හතරක්වත් තියෙන ගම්මිරිස් වගාවට කැමති අයට සේරම පැලටික දීල වවන්න කිව්වොත් ඉඩෝරෙට වතුර ගහල හරි වගාව ආරක්ෂා කරගන්නවා. අන්තිමේ රටටත් වැඩක් වෙනවා.

:       0       2

nuwan Wednesday, 01 August 2018 10:34 PM

හොද වැඩක්. හැබැයි කෙරෙයිද කියලනම් විශ්වාසයක් නැහැ. වසර තුනක් ගියානම් වැඩපිළිවෙල ඉදිරිපත්කරන්න ඕවා කෙරෙන්න කොච්චර කල් යයිද දන්නේ නෑ. කොහොම උනත් රටේ තියෙන සම්පත් විකුණනවට ඇරෙන්න මේ වගේ අදහසක් හරි පහලවීම ගැන සතුටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site