ඉන්දිකා රාමනායක
පොලිස් විශේෂ කාර්ය බළකාය 2018 වසරේ මේ දක්වා දිවයින පුරා සිදුකළ සංවිධානාත්මක අපරාධ මර්දන මෙහෙයුම් වලින් ගිනි අවි හා මත්ද්‍රව්‍ය සමඟ විවිධ අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් 52 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව එම කාර්ය බළකාය කියයි.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙහෙයුම් 39 දී බවත් මොවුන් සතුව තිබු ටී 56 ගිනි අවි 4 ක්, එම මැගසින් 4 ක්, ටී 56 උණ්ඩ 154 ක්, රිවෝල්වර පිස්තෝල 7 ක්, මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල 5 ක්, එම මැගසින් 3 ක්, මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 58 ක්, වෙනත් පිස්තෝල උණ්ඩ 35 ක්, සහ හමුදා නිල ඇදුම් කට්ටයක් සොයා ගත් බවද විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම මොහෙයුම් වලදී භට පිරිස් සමඟ ඇති වු වෙඩි හුවමාරුවේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන් සිව් දෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් වත්තල , අකුරැස්ස, මයිලපිටිය, වත්තේගම යන ප‍්‍රදේශයේ වලදී මියගොස් තිබුණි.
මෙම මෙහෙයුම් වලදී සැකකරුවන් සතුව හොරොයින් ග‍්‍රෑම් 175 යි මිලි ග‍්‍රෑම් 730 ක්, ගංජා ග‍්‍රෑම් 68 ක්, හෂිස් ග‍්‍රෑම් 33 යි මිලිග‍්‍රෑම් 720 ක්, කඩු, කිනිසි, 19 ක්, ද අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
විශේෂ කාර්ය බලකායේ අනදෙණ නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම් කි‍්‍රයාත්මක කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිවයින පුරා වැටලීම් වලින් 52 ක් අත්අඩංගුවට