(අංජුල මහීක වීරරත්න)
මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදි කිරීම තව වසර 4 කින් වත් ක්‍රියාත්මක කළ යුතු නැති ව්‍යාපෘතියක් යැයි රජයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.
මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගය අවශ්‍ය වන්නේ හම්බන්තොට වරාය මුල්කර ගනිමින් කර්මාන්තපුරය ආරම්භ වී එහි ධාරිතාව උපරිමයෙන් ක්‍රියාත්මක වෙතැයි අපේක්ෂා කරන 2022 වර්ෂයේදී යැයි රජයට ඉදිරිපත් වී ඇති වාර්තාවේ සඳහන්ය.
මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයට ප්‍රථම කොළඹ - නුවර හා කොළඹ - මිණිපුර අධිවේගී මාර්ග ඉදිකිරීම ප්‍රයෝජනවත් යැයි ද රජයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.
රාජපක්ෂ පාලනය විසින් ප්‍රමුඛතා හඳුනා ගැනීමකින් තොරව අති විශාල ධනස්කන්ධයක් වැයකර මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගය ඉදිකිරීමට පටන් ගැනීම හේතුවෙන් ප්‍රමුඛස්ථානය දිය යුතු අධිවේගී මාර්ගය වෙනුවට මාතර හම්බන්තොට මාර්ගය ඉදිකිරීම අධික මුදලක් වැය කිරීමට සිදුව ඇතැයි ද රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
රාජපක්ෂ ණයත් ගෙවමින් මහනුවර - කොළඹ අධිවේගී මාර්ගය නියමිත කාලයට ඉදිකර අවසන් කරන බවද සභානායකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කර්මාන්ත පුරයට හරි හමන් මාර්ග පහසුකම් නැතිව ආයෝජකයෝ එයිද ? කලින් රජයේ ව්‍යාපෘති වලින් මේගොල්ලන්ට කොමිස් නොලැබීම නිසා (ඒවා ඒ රජයේ ලොකු ලොක්කන් ව්‍යාපෘතියට අනුමැතිය දෙනකොටම අරගෙන ඉවරයිනේ) හිතේ අමාරුවට මෙවැනි කතා කියන බව නොතේරෙන්නේ කාටද ??
දැන් රාජපක්ෂලටත් වඩා වැඩි ධනස්කන්දයක් යොදවලා කොළඹ - නුවර අධිවේගය කරන්න යන්නේ ..
අවශ්‍ය නැත්නම් පොර්ට්සිටි එක වගේ නවතන්න තිබුනනේ. මෙයාලට මොකද ඩිෆෙන්ඩර් වල ආරක්ෂකයෝ දමාගෙන වැරදි පැත්තෙන් ඉස්සරකරගෙන යන්න පුලුවනිනේ. අපි පාරේ වාහන පෝලිමේ කොට කොටා යන්න ඕනේ. ඕනේ ගොනෙකුට ඕනෙම දෙයක් කියන්න පුලුවනිනේ. මිනිස් ශ්‍රමය කියන්නේ වටිනා සම්පතක් කියලා මේ හාදයෝ තවම දන්නේ නැහැනේ. එය පාරවල් වල රස්තියාදු නොකර ප්‍රයෝජනවත් වැඩකට ගන්න.