IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාතර-හම්බන්තොට අධිවේගී මඟ ඉදිකළ යුතු නැති ව්‍යාපෘතියක්


 
 
 
(අංජුල මහීක වීරරත්න)
 
මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදි කිරීම තව වසර 4 කින් වත් ක්‍රියාත්මක කළ යුතු නැති ව්‍යාපෘතියක් යැයි රජයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.


මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගය අවශ්‍ය වන්නේ හම්බන්තොට වරාය මුල්කර ගනිමින් කර්මාන්තපුරය ආරම්භ වී එහි ධාරිතාව උපරිමයෙන් ක්‍රියාත්මක වෙතැයි අපේක්ෂා කරන 2022 වර්ෂයේදී යැයි රජයට ඉදිරිපත් වී ඇති වාර්තාවේ සඳහන්ය.


මාතර  හම්බන්තොට අධිවේගී මාර්ගයට ප්‍රථම කොළඹ - නුවර හා කොළඹ - මිණිපුර අධිවේගී මාර්ග ඉදිකිරීම ප්‍රයෝජනවත් යැයි ද රජයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.


රාජපක්ෂ පාලනය විසින් ප්‍රමුඛතා හඳුනා ගැනීමකින් තොරව අති විශාල ධනස්කන්ධයක් වැයකර මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගය ඉදිකිරීමට පටන් ගැනීම හේතුවෙන් ප්‍රමුඛස්ථානය දිය යුතු අධිවේගී මාර්ගය වෙනුවට මාතර හම්බන්තොට මාර්ගය ඉදිකිරීම අධික මුදලක් වැය කිරීමට සිදුව ඇතැයි ද රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.


රාජපක්ෂ ණයත් ගෙවමින් මහනුවර - කොළඹ අධිවේගී මාර්ගය නියමිත කාලයට ඉදිකර අවසන් කරන බවද සභානායකවරයා සඳහන් කළේය.



අදහස් (3)

මාතර-හම්බන්තොට අධිවේගී මඟ ඉදිකළ යුතු නැති ව්‍යාපෘතියක්

sam Thursday, 02 August 2018 09:06 AM

කර්මාන්ත පුරයට හරි හමන් මාර්ග පහසුකම් නැතිව ආයෝජකයෝ එයිද ? කලින් රජයේ ව්‍යාපෘති වලින් මේගොල්ලන්ට කොමිස් නොලැබීම නිසා (ඒවා ඒ රජයේ ලොකු ලොක්කන් ව්‍යාපෘතියට අනුමැතිය දෙනකොටම අරගෙන ඉවරයිනේ) හිතේ අමාරුවට මෙවැනි කතා කියන බව නොතේරෙන්නේ කාටද ??

:       28       118

ranjith Thursday, 02 August 2018 09:12 AM

දැන් රාජපක්ෂලටත් වඩා වැඩි ධනස්කන්දයක් යොදවලා කොළඹ - නුවර අධිවේගය කරන්න යන්නේ ..

:       135       152

Senarath Monday, 06 August 2018 11:23 AM

අවශ්‍ය නැත්නම් පොර්ට්සිටි එක වගේ නවතන්න තිබුනනේ. මෙයාලට මොකද ඩිෆෙන්ඩර් වල ආරක්ෂකයෝ දමාගෙන වැරදි පැත්තෙන් ඉස්සරකරගෙන යන්න පුලුවනිනේ. අපි පාරේ වාහන පෝලිමේ කොට කොටා යන්න ඕනේ. ඕනේ ගොනෙකුට ඕනෙම දෙයක් කියන්න පුලුවනිනේ. මිනිස් ශ්‍රමය කියන්නේ වටිනා සම්පතක් කියලා මේ හාදයෝ තවම දන්නේ නැහැනේ. එය පාරවල් වල රස්තියාදු නොකර ප්‍රයෝජනවත් වැඩකට ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site