IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දඹුලු ක්‍රීඩාංගණයේ ගැටුමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

 

(කාංචන කුමාර ආරියදාස)

 

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වූ තරගයක් සමඟ පොලිසිය හා ක්‍රීඩාලෝලීන් අතර ඇතිවූ ගැටුමකින් පොලීසියෙන් පහර කෑමට ලක්ව තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෞද්ගලික රක්ෂක නිලධාරියකු ක්‍රීඩාලෝලීන්ගේ පහර කෑමට ලක්ව  දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

මේ සිද්ධියට හා පහරදීමට සැකපිට දඹුල්ල ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරගය අවසන් වීමත් සමඟ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණයෙන් පිටව යද්දී පුද්ගලයකු ක්‍රීඩාංගණය ඉදිරිපිට රථවාහන රාජකාරියේ යෙදී සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියකුට වීදුරු බෝතලයකින් හිසට ප්‍රහාරයක් එල්ලකර පලා ගොස් තිබිණි.

පසුව එම පලා ගිය පුද්ගලයා පිටුපස ලුහු බැඳ පුද්ගලයකු අල්ලා ගෙන පොලීසිය විසින් පහර දෙන්නට පටන්ගෙන තිබේ. පසුව එම අවස්ථාවේ   ඉදිරියට පැමිණි  එක්සත්   ජාතික පක්ෂ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා මෙම පහරදීම නවතාලන ලෙස එහි සිටි පොලිස් නිලධාරීන්ට දැනුම් දුන් බවත් හෙතෙම පළාත් සභා මන්ත්‍රී බවත්  සඳහන් කළ  පසුව තමාට පරුෂ වචනයෙන් බැන පොලිස් කැරලි මර්දන අංශයේ පිරිසක් බැටන් පොලු වලින් සහ පොලිසියේ ඉණ බඳ පටි වලින් දැඩි ලෙස පහර දුන් බව තිස්ස බණ්ඩාර  මහතා පැවසීය .

තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන පෞද්ගලික ආරක්ෂක නිලධාරී අජිත් පුෂ්පකුමාර මහතා කියා සිටියේ තමන් වාහනයක් හසුරුවමින් සිටියදී එකවරම පිටුපසින් පැමිණි අයෙකු තමාගේ හිසට බෝතලයකින් ප්‍රහාරයක් එල්ල කළ බව යි.

එසේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකුට පහර දී දිව යන්නට උත්සහ කළ බව කියන දඹුල්ල ප්‍රදේශයේ තරුණයකු අත්අඩංගුවට ගෙන එම ස්ථානයේදීම කැරළි මර්දන නිලධාරීන් සහ   පොලිස් නිලධාරීන් ඔහුට පහර දෙන අවස්ථාවේ දී ඔහු කෑ කෝ ගසමින් කියා සිටියේ තමන් එවැනි පහරදීමක් සිදු නොකළ බවත් වෙනත් සුදු පැහැති  ටී ෂර්ට් එකකින් සැරසී සිටි අයෙකු තමා අසලින් වේගයෙන් දිව ගිය බවද ඔහු කෑ කෝ ගසමින් පොලිසියට කියන්නට විය . එහෙත් එය නොවසා තමාට පහර නොදෙන්නැයි අත්අඩංගුවට ගත් පුද්ගලයා කෑකෝගසමින් කියන්නට ද විය.

පසුව එම ස්ථානයේ සිටි තවත්  සුදු ටි සර්ට්  සැරසී සිටි තරුණයකු  අත්අඩංගුවට ගෙන ඔහුද දඹුල්ල පොලිසියට බාරදී තිබේ.

කෙසේ වෙතත් දඹුල්ල මූලස්ථාන පොලිසිය සඳහන් කර සිටියේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවයි.



අදහස් (0)

දඹුලු ක්‍රීඩාංගණයේ ගැටුමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site