විශ්‍රාමික හමුදා සෙබළා දියේ ගිලී මරුට අද දින (17) ඇදිරි නීතිය නිසා ප්‍රවාහන පහසුකම් නොමැතිකමින් ටියුබයක නැගී වික්ටෝරියා ජලාශය තරණය කර ජල පොම්පාගාරයක මුර සේවයට ගිය විශ්‍රාමික හමුදා සෙබලෙකු ජලාශය මැදදී ටියුබය පුපුරා යාම නිසා දියේ ගිලී මියගොස් තිබේ. 17 April 2020
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකට දුරකතනයෙන් බැණ වදී බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රි කංකානම් පතිරණගේ ශාන්ත යන අය තමාට දුරකතනයෙන් බැණ වැදුන බවට බෙලිඅත්ත පුවක්දණ්ඩාව කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඩි.පී.හෙට්ටිආරච්චි මහතා අද (17) සවස පැමිණිල්ලක් කල බව බෙලිඅත්ත පොලිසිය පවසයි. 17 April 2020
අකුණු සැර වැදීමෙන් දැරියක් මරුට කොස්ලන්ද කෑලිපනාවෙල ගම්පහ වත්ත 11 හැවිරිදි දැරියක් අද (17) සවස අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි. 17 April 2020
අයිස් කුට්ටි නොමැති වීමෙන් ධීවරයෝ අපහසුතාවයට මාලු අලෙවි කිරීමට ඇඳිරි නීති අවසර පත්‍රය ලැබුණත් අයිස් කුට්ටි ලබාදෙන ස්ථාන වසාදමා තිබීම හේතුවෙන් අපහසුතා රැසකට මුහුණ දී ඇතැයි මොරටුව මෝදර ධීවරවරායේ ධීවරයෝ පවසති. 17 April 2020
පහරිය වනජිවියට අයත් විදුලිවැට කපා දාලා කරුවලගස්වැව පහරිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් විදුලිවැට කිසියම් පුද්ගලයකු විසින් කපා දමා ඇති බවට වනජීවී කරුවලගස්වැව කාර්යාලයට දැනුම් දීමට සිවිල් ආරක්ෂක නිළධාරීන් කටයුතු කල බව වනජීවී සිවිල් ආරක්ෂක නිළධාරීහු කියති. 17 April 2020
කාර්මිකයකු තැනු ජීවානුහරණ කුටියක් බලංගොඩ රෝහලට ප්‍රාදේශීයේ කාර්මිකයෙකු තැනු ජිවානුහරණ කුටියක් බලන්ගොඩ මිත්‍රත්ව සංවිධානය ව්සින් බලන්ගොඩ මුලික රෝහලට පරිත්‍යාග කිරිම අද 17 සිදු කෙරුණි . 17 April 2020
අතවශ්‍ය ලේබලයෙන් සිමෙන්ති ඇදලා අත්‍යවශ්‍ය ලේබලය ප්‍රදර්ශනය කරමින් සත්ව ආහාර ප්‍රවාහනය කරන මුවාවෙන් නීතිවිරෝධී ලෙස සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් මාරවිල පොලීසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 17 April 2020
පුස්සැල්ල සමෘද්ධී සංවර්ධන නිලධාරියාට පහර දෙයි කොරෝනා වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රාජකාරියේ නිරතව සිටි මාතලේ අඹන්ගඟ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුස්සැල්ල ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධී සංවර්ධන නිලධාරිවරයාට අද (17) උදෑසන පහරදී ඇති බව පොලීසිය කියයි. 17 April 2020
වතු කම්කරුවන් - කාර්ය මණ්ඩල අඛණ්ඩව සේවා කටයුතුවල කොරෝනා වයිරසයත් සමඟ ඇඳිරි නීතිය පැනවුවද මෙරට 130,000ක් වූ වතුකම්කරුවන් හා වතු කාර්ය මණ්ඩලය පැවති අවදානම් තත්වය නොසලකා වතු ක්ෂේත්රය තුළ අඛණ්ඩව කටයුතු කරගෙන යන බව ලංකා වතුසේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා පැවසීය. 17 April 2020
මත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ඌරගස්මංහන්දිය නගරයේදී මත්පෙති සමඟ පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. 17 April 2020
මාඳු ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගනී මාදු ගඟට වැටී මිය ගිය අයෙකුගේ මළ සිරුරක් ගගේ පාවෙමින් තිබියදී අද (17) උදෑසන සොයාගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි. 17 April 2020
70 වියේ කතකගේ බූරු පොළක් වටලයි 70 හැවිරිදි කාන්තාවක් පානදුර මහවිල ප්‍රදේශයේ නිවසක් තුළ පැවැත්වූ බූරුපොලක් මීට සුලු මොහොතකට පෙර වටලා තවත් කාන්තාවන් 2කු ඇතුළු පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි. 16 April 2020
යක්කලමුල්ල කොට්ටව ගමින් අත්බෝම්බයක් සොයා ගනී කොට්ටව නැවුම් ගල උපාසිගෙවත්තේ තේ ඉඩමක් සුද්ද කරමින් සිටි පිරිසකට අද (16) විදේශයක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හමුවී ඇතැයි යක්කලමුල්ල පොලිසිය කියයි. 16 April 2020
යක්කලමුල්ලේ ගෙවත්තක අත් බෝම්බයක් යක්කලමුල්ල නැවුම්ගල, කොට්ටවගම ප්‍රදේශයේ ගෙවත්තක තිබි දුර්වර්ණ වි ගිය ජිව අත්බෝම්බයක් අද (16) හමුවි ඇති බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි. 16 April 2020
මාර්ග බාධක වල සිටින පොලිස් නිලධාරීන්ට දිවා ආහාරය මහරගම පන්සල පාර ශ්‍රී සුදර්මාරාම විහාරාධිපති මහරගම අනෝම හිමියන්ගේ හා දයක මහත්ම මහත්මින්ගේ අනුග්‍රහයෙන් කොරෝනා වයිරසයේ ව්‍යාප්තවීමෙන් අසරණ වු පිරිස් හට වියළි සලාක ලබා දීම සිදු කෙරිණි. 16 April 2020
ගස්ලබු වගාවට මුවා වී ගංජා වගාකළ සැකකරුවකු අත්අඩංගුවට ගස්ලබු වගාවක මුවා වෙන් ගංජා වගා කරමින් ජාවාරමේ යෙදුන සැකකරුවෙකු අඩි පහක් උස විශාල ගංජා ගස් දෙකක් සමග නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ දී අද (16)දහවල් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 16 April 2020
දෙපිරිසක ගැටුමෙන් 4 ක් රෝහලේ කන්දකැටිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ තරුණයින් සිව්දෙනෙකු කන්දකැටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගන මුලික රෝහල වෙත මාරු කර යැවූ බව කන්දකැටිය පොලිසිය පවසයි. 16 April 2020
බිරියට පිහියෙන් ඇන සැමියා ද සිය දිවිහානි කර ගනී කල්පිටිය තොරඅඩිය ප්‍රදේශයේ ( 15 ) සවස අඹු සැමි ආරවුලකින් පසු සැමියා සිය බිරිදට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර ඔහුද සිය දිවි නසා ගෙන ඇති බව කල්පිටිය පොලිසිය කියයි. 15 April 2020
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයකු රිමාන්ඩ් මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධව අධිකරණයෙන් ඇපමත මුදාහැර සිටි සැකකාර චූදිතයකු විසින් නීතීවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයක් වන කසිප්පු බෝතල් 05 ක් සන්තකයේ තබාගෙන සිටීයදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසුව මේ මස 24 දින තෙක් රිමාන්ඩ් බාරයට පත්කිරීමට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී ද එස් වීරවර්ධන මහතා නියෝග කලේය. 15 April 2020
බලන්ගොඩ ගාල් කෙරෙන වාහන ගාස්තු අයකිරීම අත්හිටුවයි කොරෝනා අවදානම් තත්ත්වය අඩුවෙන තෙක් බලන්ගොඩ නගරයට පැමිණ ගාල් කරන රථ වාහන සදහා මෙතෙක් අයකල ගාස්තු අය කර නොගැනීමට තිරණය කර ඇති බව බලන්ගොඩ නගරසභාවෙි සභාපති චාමික ජයමින විමලසේන මහතා අද (15) පැවැසිය. 15 April 2020
හල්දුම්මුල්ල රන්වන්ගුහාව බූරුපොලක් වටලා 9 ක් අත්අඩංගුවට ඇඳිරිනීතිය පැවතියදී හල්දුම්මුල්ල රන්වන් ගුහාව දඩයම්පොළ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා පුද්ගලයින් නව දෙනෙකු අද 15 සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය කියයි. 15 April 2020
මහනුවරට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහරින්න රථ 3170 කට අවසර කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පනවා ඇති ඇඳිරි නිතිය හේතුවෙන් නිවෙස්වලට වී සිටින ජනතාවගේ එදිනෙදා ජීවිත තත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම අවශ්‍ය ගෑස් සැපයීම සඳහා ජංගම රථ 3170 කට මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ උපදෙස් මත අවසර ලබා දීමට කටයුතු කර තිබේ. 15 April 2020
විදේශයෙන් ආ බලංගොඩ පුද්ගලයින් 103 ක් නිරෝධායනය වී අවසන් විදෙස් රටවල සිට පැමිණි බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 103 ක් මේ වන විට නිරෝධායනය අවසන් කර ඇති බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය නූර්දීන් රිෆයිඩීන් මහතා පැවසීය. 15 April 2020
සහනාධාර මුදල් නොලැබුණැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් විරෝධතාවක් වැලිගම කොලේදණ්ඩ පෙදෙසේ ජනතාවට සහනාධාර මුදල් නොලබුණු බවට එම පෙදෙසේ පුද්ගලයකු විසින් විද්‍යුත් මාධ්‍යක් ඔස්සේ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වරයාට චෝදනා කිරීම සම්බන්ධයෙන් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිවරුන් විශාල පිරිසක් කොලේදණ්ඩ පෙදෙසේදි (15 ) දින සාමකාමීව විරෝධතාවය දැක්වුහ. 15 April 2020
තම්බපන්නී නාවික කඳවුරෙන් පුත්තලම පොලීසියට විෂබීජ හරණ කුටියක් පුත්තලම තම්බපන්නි නාවික හමුදා කඳවුරේ ඉංජිනේරු කාර්මික කර්මාන්ත අංශයේ නාවිකයන් නිශ්පාදනය කළ අංග සම්පූර්ණ විෂ බීජ හරණ කුටියක් පුත්තලම මූලස්ථාන පොලීසීයට ලබාදීම සිදුවීය. 15 April 2020
ගම්මාන දෙකක බෝග වනඅලි විනාශ කරති ඇදිරි නීතිය සහ අලුත් අවුරුදු උදාවත් සමඟ ගම්වැදුණු පහළොස් දෙනෙකුගෙන් යුත් වන අලි කණ්ඩායමක් ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අයත් හබරත්තාවල සහ නවාගස් හින්න යන ගම්මාන දෙකේ භෝග විශාල වශයෙන් විනාශ කර දමා ඇතැයි ගොවීහු කියති. 15 April 2020
අත් බෝම්බයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට කොල්ලකෑම් ඇතුලු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු ජීව අත් බෝම්බයක්ද සමග අද (15) අලුයම අත් අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි. 15 April 2020
බණ්ඩාරවෙල තොග පොළ විවෘත කරයි තැනින් තැන එළවළු විකුණූ ගොවීහු අද 15 දහවල් වන විට බණ්ඩාරවෙල තොග පොල භූමියට පැමිණ යළිත් වෙළඳාම ආරම්භ කළහ. 15 April 2020
රජයේ සහනාධාර - පොහොර සියල්ලක්ම බෙදා අවසන් මෙවර යල කන්නයේ(2020) පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා අවශ්‍ය නිර්දේශිත රජයේ සහනාධාර පොහොර වර්ග සියල්ලක්ම මේ වනවිට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත නිකුත් කර අවසන් යැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා අද(15) පැවැසීය. 15 April 2020
ඇඳිරි නීති බලපත අවභාවිත කළ අයෙක් අත්අඩංගුවට ඇදිරිනීති කාලය තුළ ධාවනය කිරීමට ලබා දී තිබු අත්‍යවශ්‍ය රාජකාරී සඳහා කොළඹ ප්‍රදේශයේ ධාවනය කිරීමට බලපත්‍ර ලබා දී තිබු අඹතලේ ජල ව්‍යාපෘතියකට කොන්ත්‍රාත් පදනම මත ලබා ගෙන තිබූ ඩබල් කැබ් රථයක් බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් දෙනියාය ප්‍රදේශයට මගීන් ප්‍රවාහනය කරමින් සිටියදී අද (15) කොස්මෝදර පොලිස් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 15 April 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025