ඩබ්ලිව්.ඒ. අසේල
අද දින (17) ඇදිරි නීතිය නිසා ප්‍රවාහන පහසුකම් නොමැතිකමින් ටියුබයක නැගී වික්ටෝරියා ජලාශය තරණය කර ජල පොම්පාගාරයක මුර සේවයට ගිය විශ්‍රාමික හමුදා සෙබලෙකු ජලාශය මැදදී ටියුබය පුපුරා යාම නිසා දියේ ගිලී මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මහනුවර ගුරුදෙණිය ගෝනවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනහක් වන දෙදරු පියෙකි.
ඔහු පල්ලෙකැලේ පිහිටි ජල පොම්පාගාරයක මුරකරුවෙකු ලෙස සේවය කර ඇති අතර පසුගිය දින කිහිපයේදී වාහන ටියුබයක නැග ජලාශය හරහා තම සේවා ස්ථානයට ගොස් ඇත. ඊයේ දින සවස (16) සේවයට ගිය පුද්ගලයා නැවත නිවසට නොපැමිණිනි නිසා ඔහුගේ බිරිද ඒ පිළිබඳව අද උදෑසන (17) සේවා ස්ථානයෙන් විමසා ඇත.
එවිට ඔහු ඊයේ දින සේවය සඳහා වාර්තා නොකළ බව සේවා ස්ථානයෙන් දන්වා ඇත.
මේ පිළිබදව බිරිද විසින් තලාතුඔය පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව තලාතුඔය පොලීසියේ නිලධාරින් විසින් සිදුකල පරීක්ෂණ අනුව ඔහුගේ පාවහන් යුගල හා හුලං ගිය ටියුබය ගං ඉවුරේ තිබී හමුවී ඇත.
ඒ අනුව අද සවස මහනුවර පොලීස් ජීවිතාරක්ෂක අංශය මගින් ජලාශයේ කිමිදුම් කිරීමේදී මියගිය මොහුගේ සිරුර හමුවී ඇත.
මෘත ශරීරය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘත ශරීරය මහනුවර මහ රෝහල වෙත බාරදී ඇත.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විශ්‍රාමික හමුදා සෙබළා දියේ ගිලී මරුට
rasika Saturday, 18 April 2020 06:47 AM
ඔහුගේ කැපකිරීම අගය කළ යුතුයි. නිවන් සුව ලැබේවා!
mahesh jayawickrama Saturday, 18 April 2020 09:04 AM
සෙබලාගේ සේවය ඇගයීමකට ලක් කල යුතුයි. රාජකාරිය අකුරටම ඉස්ට කරන පුද්ගලයෙක් .ඔහුට නිවන් සුව පතමි.
සනත් Saturday, 18 April 2020 10:39 AM
ටියුබ් එකක නැගල යනවනම් හොඳට පීනන්න පුළුවන් වෙන්න ඕනැ. ආරක්ෂක කබායක් නැත්නම් වතුරේ පාවෙන අඟල් 6 x අඩි 4 විතර ලී කොටයක් ඇදගෙන ගියානම් ඒකෙ එල්ලිලා පණ බේරගන්න තිබුණා.