ඩී.ජී.සුගතපාල
බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රි කංකානම් පතිරණගේ ශාන්ත යන අය තමාට දුරකතනයෙන් බැණ වැදුන බවට බෙලිඅත්ත පුවක්දණ්ඩාව කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඩි.පී.හෙට්ටිආරච්චි මහතා අද (17) සවස පැමිණිල්ලක් කල බව බෙලිඅත්ත පොලිසිය පවසයි.
සැකකාර මන්ත්‍රිවරයා පසුගිය ඊයේ(16) ගම්පහ ප්‍රදේශයේ මළ ගෙදරකට ගොස් පැමිණ ඇති බවට බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට ලැබුණ තොරතුරක් අනුව ඒ පිළිබඳව සොයා බැලිමට පැමිණිලිකාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සහ තවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කිහිප දෙනෙකුද සමග එම නිවසට ගිය අවස්ථාවේ තමන් එවැනි මළ ගෙදරකට නොගිය බව මන්ත්‍රිවරයා පැවසිම නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිටව ගොස් ඇත.
එසේ පිටව යාමෙන් පසු සැකකාර මන්ත්‍රිවරයා තමාට දුර කතනයෙන් බැණ වැදුන බවද මහජන සෞඛ්‍ය පරික්ෂක හෙට්ටිආරච්චි මහතා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලුවන් මුළු රටම විනාශකරනවා..... පාසල් ගිහින් නැහැ.
මන්ත්‍රීන්ට නියමිත කාර්යභාරය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතුය. ඉන් පිටස්තරව කටයුතු කරන අයවලුන්ට දඬුවම් පැමිණවිය යුතුය.
අපේ රටේ මිනිස්සු විතරයි දේශපාලුවන්ට ගරු කරන්නේ ,වඳින්නේ...