ජී. ඩබ්ලිව් .කේ.ප්‍රේමතිලක ද සිල්වා
කොට්ටව නැවුම් ගල උපාසිගෙවත්තේ තේ ඉඩමක් සුද්ද කරමින් සිටි පිරිසකට අද (16) විදේශයක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හමුවී ඇතැයි යක්කලමුල්ල පොලිසිය කියයි.
මේ පිළිබඳව වතු හිමියන් විසින් පොලිසියට වාර්තා කිරීමෙන් පසු පොලිසිය අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව හියාරේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එම ස්ථානයේ දී ම මෙම බෝම්බ නිෂ්ක්‍රීය කර තිබේ.
හියාරේ විශේෂ කාර්ය බලකා කඳවුරේ උප පොලිස් පරීක්ෂක ආරියවංශ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම බෝම්බ නිෂ්ක්‍රිය කර ඇත.
යක්කලමුල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd