මහේශ් කිර්තිරත්න
කොරෝනා වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රාජකාරියේ නිරතව සිටි මාතලේ අඹන්ගඟ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුස්සැල්ල ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධී සංවර්ධන නිලධාරිවරයාට අද (17) උදෑසන පහරදී ඇති බව පොලීසිය කියයි.
මෙසේ පහර ලක්ව ඇත්තේ පුස්සැල්ල වසමේ සමෘද්ධී සංවර්ධන නිලධාරි ඒ.ජි.ගුනරත්න යන නිලධාරීය.
පහරකෑමට ලක් වු නිලධාරිවරයා රත්තොට රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි.
ජනතාව සදහා රුපියල් 5000 දිමනාව ලබා දීමේදී ඇති වු ගැටලුවක් පිලිබඳ විමසීමේදී මෙම පහර දිම සිදුව ඇති බව පොලිසිය කියයි .
සිද්ධියට සම්බන්ධ එක් අයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර රත්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.