(ප්‍රින්ස් රත්නායක)
විදෙස් රටවල සිට පැමිණි බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 103 ක් මේ වන විට නිරෝධායනය අවසන් කර ඇති බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය නූර්දීන් රිෆයිඩීන් මහතා පැවසීය.
මෙම පිරිස් දින 48 ක් සිය නිවෙස් වල සිට නිරෝධායනය වී ඇති බව ඒ මහතා කීය.
මීට අමතරව වෙනත් දිස්ත්‍රික්කවල සිට පැමිණි පිරිස 680 කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවද වෛද්‍ය නූර්දීන් රිෆයිඩීන් මහතා පැවසීය.
එම පිරිස් සති දෙකක නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් තවදුරටත් එම පිරිස් සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යෙමුකර ඇති බව වැඩිදුරටත් වෛද්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd