(ජේ.කේ.එල් චාමින්ද)
යක්කලමුල්ල නැවුම්ගල, කොට්ටවගම ප්‍රදේශයේ ගෙවත්තක තිබි දුර්වර්ණ වි ගිය ජිව අත්බෝම්බයක් අද (16) හමුවි ඇති බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.
නැවුම්ගල ප්‍රදේශයේ තේ වත්තක තේ ගසක් මුල තිබි මෙකි ජිව අත්බෝම්බය සොයාගෙන ඇත. මෙම ජීව අත් බෝම්බය MILL-36 වර්ගයේ අත් බෝම්බයක් වන අතර කාලයක් එම ස්ථානයේ තිබීම හේතුවෙන් දුර්වර්ණ වී ඇති බැව් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
මේ සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්ථා කර ඇති අතර හියාරේ පිහිටි පොලිස් විශේෂ කාර්යංශයට දැනුම් දි ඇති බවද පොලිසිය පවසයි.
යක්කලමුල්ල පොලිසිය මේ පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd