(රේඛා තරංගනී ෆෝසේකා)
මාලු අලෙවි කිරීමට ඇඳිරි නීති අවසර පත්‍රය ලැබුණත් අයිස් කුට්ටි ලබාදෙන ස්ථාන වසාදමා තිබීම හේතුවෙන් අපහසුතා රැසකට මුහුණ දී ඇතැයි මොරටුව මෝදර ධීවරවරායේ ධීවරයෝ පවසති.
මොරටුව, පානදුර අවට අයිස් කුට්ටි නිපදවන ශීතාගාර වසා දමා ඇති බවත් අයිස් මිලදී ගැනීමට පෑලියගොඩට යාමට සිදුවන බවත් එහිදී අමතර තෙල් වියදමක් වැයවන බවත් ඔවුහු පැවසූහ.
පෑලියගොඩ අයිස් කුට්ටි සඳහා ඇති අධික ඉල්ලුම හේතුවෙන් අයිස් හිඟ බවද ඔවුහු පැවසූහ.
ධීවර සංස්ථාව මැදිහත්වී ශීතාගාර විවෘත කරදෙන්නැයි ඔවුහු ඉල්ලති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd