(රේඛා තරංගනී ෆෝසේකා)
මාලු අලෙවි කිරීමට ඇඳිරි නීති අවසර පත්‍රය ලැබුණත් අයිස් කුට්ටි ලබාදෙන ස්ථාන වසාදමා තිබීම හේතුවෙන් අපහසුතා රැසකට මුහුණ දී ඇතැයි මොරටුව මෝදර ධීවරවරායේ ධීවරයෝ පවසති.
මොරටුව, පානදුර අවට අයිස් කුට්ටි නිපදවන ශීතාගාර වසා දමා ඇති බවත් අයිස් මිලදී ගැනීමට පෑලියගොඩට යාමට සිදුවන බවත් එහිදී අමතර තෙල් වියදමක් වැයවන බවත් ඔවුහු පැවසූහ.
පෑලියගොඩ අයිස් කුට්ටි සඳහා ඇති අධික ඉල්ලුම හේතුවෙන් අයිස් හිඟ බවද ඔවුහු පැවසූහ.
ධීවර සංස්ථාව මැදිහත්වී ශීතාගාර විවෘත කරදෙන්නැයි ඔවුහු ඉල්ලති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.