සමන් පාලිත නානායක්කාර
ඇඳිරිනීතිය පැවතියදී හල්දුම්මුල්ල රන්වන් ගුහාව දඩයම්පොළ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා පුද්ගලයින් නව දෙනෙකු අද 15 සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය කියයි.
සැක කරුවන් එම ප්‍රදේශවලම පදිංචි අය බව ද පොලීසිය කියයි .
නිරෝධායනයට ලක් කළ පුද්ගලයින් පරීක්ෂාවට යන අතරතුර මුදල් ඔට්ටුවට බූරුපොලක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබේ.
සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය .
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න සිල්වා මහතාගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂක අසේල බණ්ඩාර විජේකෝන් මහතාගේ මූලිකත්වයෙන් මෙම වැටලීම සිදු කළහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd