හිරාන් ප්‍රියංකර ජයසිංහ
අත්‍යවශ්‍ය ලේබලය ප්‍රදර්ශනය කරමින් සත්ව ආහාර ප්‍රවාහනය කරන මුවාවෙන් නීතිවිරෝධී ලෙස සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් මාරවිල පොලීසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාරවිල මංසන්ධියේ දී යොදා ඇති මාර්ග බාධකයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.
කොළඹ සිට බිංගිරිය ප්‍රදේශය දක්වා සිමෙන්ති කොට්ට හාරසියයක් මෙම ලොරි රථයේ ප්‍රවාහනය කර ඇත.
මෙහි නිකුත් කර තිබෙන බලපත්‍රය සත්ව ආහාර ප්‍රවාහනය සඳහා ලබා දී තිබේ
ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.