පිළියන්දල අම්මටත් පුතාටත් කොරෝනා නෑ මාළු වෙළඳාමේ නිරත පිලියන්දල ග්‍රාමෝදය මාවතේ පදිංචි කොරෝනා ආසාදිතයා ඇසුරු කළ පාසල් සිසුවා සහ ඔහුගේ මව ලක් කල පි.සි.ආර් පරීක්ෂණයෙන් කොරෝනා වැලඳි නොමැති බවට තහවුරු වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. 24 April 2020
කුරුණෑගල දැවැන්ත විදුලිය බිඳ වැටීමක් කුරුණෑගලට ඊයේ (23) රාත්‍රියේ අධික සුළං , අකුණු සැර සමග ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් මෑත කාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුවූ විශාලම විදුලිය බිඳවැටීම වාර්තා විය . 24 April 2020
රිය අනතුරකින් අයෙක් මරුට දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ඉබ්බන්කටුව ප්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදි දෙකක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටිමෙන් සිදුවි රිය අනතුරකින් යතුරුපැදිවල ගමන්කළ එක් අයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 24 April 2020
නිවාඩුවට ආ නාවික හමුදා නිලධාරීන් දෙදෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට රත්නපුර මහ රෝහලට වැලිසර නාවික හමුදා කදවුරට අනියුක්තව සේවය කර නිවාඩු පැමිණි ස්වයං නිරෝධනයට ලක් කර සිටි නාවික හමුදා නිළධාරීන් දෙදෙනකු පි.සි.ආර්. (PCR) පරික්ෂණය සදහා අද (23) රාත්‍රියේ රත්නපුර මහ රෝහල වෙත රැගෙන ආ බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල පවසයි. 23 April 2020
දේහයට මුද්‍රා තබා ආදාහන කටයුතු කරයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය සිව්දරු මවකගේ ආදාහන කටයුතු දේහයට මුද්‍රා තබා ජාත්‍යයන්තර නිරෝධායන නිතිමාලාවට අනුකුලව අද (23) පස්වරුවේ දි අක්මිමන කුරුදුවත්ත ආදාහනාගාරයේ දි සිදුකළ බව ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා පවසයි. 23 April 2020
වගා ළිඳට වැටුණු වන අලියා බේරා ගනී ගල්කිරියාගම මානකැටේ ගම්මානයේ අලි මෙහෙයුම ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් මානකැටේ ප්‍රදේශයේ වගා බිමක තිබූ අනාරක්ෂිත වගා ළීදක වැටී සිටි වල් අලියෙකු ගොඩ ගැනීමට අද ( 23) සවස ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ. 23 April 2020
ගංජා පැකට් 15 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට බණ්ඩාරවෙල දිගනතැන්න ප්‍රදේශයේදී ගංජා පැකට් 15 ක් සමඟ දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 April 2020
ලංගම බසයක කොන්දොස්තරවරයකුට පහර දුන් අයෙක් අත්අඩංගුවට බස් නැවතුමට පිට ස්ථානයක බස් රථය නැවැත්වූයේ නැතැයි උරණ වී ලංගම බස් රථයක කොන්දොස්තරවරයකුට පහර දුන් බව කියන පුද්ගලයෙකු අද(23) අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි. 23 April 2020
අඟුණකොළපැලැස්සේ ඇළක මළ සිරුරක් අඟුණකොළපැලැස්ස බිංකම ප්‍රදේශයේ පාලමක් යට ඇළක තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් අද සොයාගත් බව අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි. 23 April 2020
පන්දාහ නොදී දින තුනක් රස්තියාදු කළැයි විරෝධයක් කොරෝනා ආසාදිත තත්වය හේතුවෙන් ජීවනෝපාය මාර්ග අහිමි වූ මහරගම පමුණුව නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ජනතාව දින 3 ක් තිස්සේ රුපියල් 5000 වෙනුවෙන් රස්තියාදු කළ බව පවසමින් ඔවුන් අද ග්‍රාම සේවා කාර්යාලය ඉදිරිපිට දී සිය විරෝධයට පළ කළහ. 23 April 2020
හක්කපටස් කෑමෙන් අලි පැටවකු මරුට මහව අඹගස්වැව ප්‍රදේශයේ වන රොදක හක්කපටස් කෑමෙන් අනතුරට ලක්ව වයස අවුරුදු හතක පමණ ඇත් පැටවෙකු අද 23 මරණයට පත්ව ඇති බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය පවසයි. 23 April 2020
කෙසෙල්පොත යාය 12 න් නාවලපිටියට සහල් කිලෝ 2250 ක් මහියංගන කෙසෙල්පොත යාය 12 ගම්මානයේ ජනතාව සහල් කිලෝ 2250 ක් මහනුවර නාවලපිටිය පස්භාග කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදාම්ලාභී පවුල් වලට බෙදාදීම සඳහා පරිත්‍යාග කළ බව කොසල්පොත අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති රිටිගහරාවේ ජිනානන්ද හිමියන් පැවසුහ. 23 April 2020
වැලිකන්දේ මෙහෙණින් වහන්සේලාට වියළි ආහාර බෙදා දෙයි දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂුන් වහන්සේලා විසින් වැලිකන්ද කොට්ඨාසයේ දුෂ්කර ආරාමවල වැඩ වාසය කරන මෙහෙණින් වහන්සේලා සඳහා අද (23) වියළි ආහාර ද්‍රව්‍ය පූජා කළහ. 23 April 2020
දින 6 කට පෙර මිය ගිය අයකුගේ මළ සිරුරක් සොයා ගනී මීට දින හයකට පමණ ඉහතදී මිය ගිය පිරිමි නරක් වූ මළ සිරුරක් අද (23) ඉළුක්පිටිය ,කිරිලිපනහේන ලන්ද ප්‍රදේශයේ තිබියදී සොයා ගත් බව කොස්මෝදර පොලිසිය කියයි. 23 April 2020
සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දැයි කුලියාපිටියේ අවන් හළක් වසා දමයි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් වෙළදසැල් වෙත ගොස් ලබාදුන් උපදෙස් අනුව කටයුතු නොකළැයි කුලියාපිටිය කදුරුගස්හේන පිහිටි අවන් හලක් වසා දැමීමට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය හා පරීක්ෂක කණ්ඩායම් අද(23) පියවර ගෙන තිබිණ. 23 April 2020
කහවත්ත පොලිසියෙන් පළා ගිය සැකකරු අල්ලයි කහවත්ත පොලිසියේ අත්අඩංගුවේ සිටියදි පළාගිය සැකකරු පැල්මඩුල්ල උඩුතුල ප්‍රදේශයේ සැගවී සිටියදි කහවත්ත පොලිසිය ව්සින් අත් අඩංගුවට ගනු ලැබිය. 23 April 2020
මහර සමූපකාර සමිතියේ නියෝගයකින් පාරිභෝගිකයින් අමාරුවේ මහර සමූපකාර සමිතිය මගින් නිකුත් කර ඇති අලෙවි නියෝගයක් පාරිභෝගිකයින්ට දැඩි අපහසුතාවයකට පත් කිරීමක් බවට පාරිභෝගිකයින් විසින් කළ පැමිණිල්ලක් අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය එම නියෝගය අත්හිටුවීමට පියවර ගනු ලැබීය. 23 April 2020
කොස්ලන්ද රක්ෂිතයේ කංසා වගා කළ පුද්ගලයකු අත්අඩංගුවට කොස්ලන්ද අලූත්වෙල මහලන්ද රක්ෂිතයේ රහසිගතව වගා කර තිබූ කංසා වගාවක් වැටලූ කොස්ලන්ද පොලීසිය කංසා පැල 750 සමග පුද්ගලයෙකු අද (23) අත්අඩංගුවට ගෙන ඇතයි කොස්ලන්ද පොලීසිය පැවසීය. 23 April 2020
බූරුවා ගැසූ කාන්තාවන් 7 ක් ඇතුළු 11 අත්අඩංගුවට රත්ගම ගම්මැද්දගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය බුරුවා පිටියක් වටලා බුරුවා ගසමින් සිටි කාන්තාවන් 07 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි. 23 April 2020
ජීව උණ්ඩ තොගයක් සමග තුවක්කුකරුවකු අල්ලයි විදේශයේ නිෂ්පාදිත බෝර 12 පතුරොම් තුවක්කුවක් සමඟ ටී 56 ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 443ක් සහ එස්.ජී.වර්ගයේ ජීව පතුරොම් අටක් සන්තකයේ තබාගෙන සිටි තුවක්කු කරුවෙකු අද (22 ) අත් අඩංගුවට ගෙන ඇති බව උහන පොලීසිය පවසයි. 22 April 2020
කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හල් 19ක නිෂ්පාදන කටයුතු අරඹයි කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හල් 19ක නිෂ්පාදන කටයුතු යලිත් ආරම්භ කළ බව කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අධ්යක්ෂ ගාමිණි දහනායක මහතා පැවසිය. 22 April 2020
තංගල්ල ධීවර වරායේ යාත්‍රා අංගනයේ මළ සිරුරක් තංගල්ල ධීවර වරායේ තිබී අද සවස පුද්ගල මළ සිරුරක් සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 22 April 2020
සමෘද්ධි නිලධාරියාට තර්ජනය කළ හමුදා නිලධාරියා රිමාන්ඩ් සමෘද්ධි සංවර්ධන නිළධාරී වරයෙකුට බැන තර්ජනය කළ යුද හමුදා නිළරියෙකු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා අද (22) දා නියෝග කළේය. 22 April 2020
නාවලපිටියේ ආපනශාලා හදිසි පරීක්ෂාවකට කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමඟ නාවලපිටිය නගරයේ පිහිටි ආපනශාලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (22) හදිසි පරීක්ෂාවකට ලක් කළහ. 22 April 2020
ග්‍රාම නිලධාරීවරයෙකුට පහරදුන් අයෙක් අත්අඩංගුවට බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරිවරයෙකුට රාජකාරී ස්ථානයේදී සිදුකළ පහරදීමක් හේතුවෙන් ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතබව තෙලිකඩ පොලිසිය කියයි. 22 April 2020
රාජකාරියට බාධා කළ අයෙක් අත් අඩංගුවට කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ රාජකාරියේ යෙදී සිටි කරන්දෙණිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසකට රාජකාරියට බාධා කල අයෙකු අද (22 ) දහවල් කරන්දෙණිය දංගහවිලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි . 22 April 2020
යතුරුපැදි අනතුරකින් පුද්ගලයකු මරුට මහියංගණ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක් අද (22) දහවල් 12.30 ට පමන එම මාර්ගයේ 21 හංදිය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී මාර්ගය අසල තිබූ කුඹුක් ගසක ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙකු මිය ගිය බව කන්දකැටිය පොලිසිය පවසයි. 22 April 2020
සුරාබදු දෙපාර්තමේන්තුවෙහි ගම්පහ කාර්යාලයෙන් වැටලීම් 27 ක් සුරාබදු දෙපාර්තමේන්තුවෙහි ගම්පහ සුරාබදු ස්ථානය මගින් පසු ගිය දින කිහිපය තුල සිදු කළ මෙහෙයුම්වලදී හොර සුරා අලෙවි කිරීම් සහ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ස්ථාන 27 ක් වටලා සැකකරුවන් 27 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. 22 April 2020
හැටන් මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශවලට මෙම දිනවල සවස් කාලය තුලදි ඇද හැලෙන වර්ෂාවත් සමග හැටන් ප්‍රධාන මාර්ගයේ පස් කන්දක් නාය යාමෙන් එම මාර්ගයේ කොටසක් අවහිරව පවති. 22 April 2020
දකුණු පළාතේ මත්පැන් අලෙවිසැල් සියල්ල මුද්‍රා තැබේ දකුණු පළාතේ සියලුම සුරාසැල් හා සුරාබදු බලපත්‍රලාභි අවන්හල් මුද්‍රා තැබීමට කටයුතු කළ බව දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න විරක්කොඩි මහතා පවසයි. 22 April 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025