හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු අද (25) අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. 25 April 2020
ඇඳිරිය මැද දැදුරු ඔයේ නාන්න ගිය අයෙක් අතුරුදන් ඇදිරි නීතිය ක්‍රියාත්මකව පැවතියදි හලාවත දැදුරු ඔයේ දිය නෑමට ගිය තරුණයකු දැදුරු ඔයේ ගිලි අද ( 25 ) පස්වරු අතුරුදන්ව ඇති බව හලාවත පොලිසිය කියයි. 25 April 2020
හොරොව්පොතාන මොරකෑව භටයාට කොරෝනා නෑ වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා හොරොව්පොතාන මොරකෑව ප්‍රදේශයට පැමිණ සිටි නාවික හමුදා සෙබළාගේ සිදුකල පී.සී.ආර් පරික්ෂනයෙන් ක්රොනා ආසාදනය වී නොමැති බවට තහවරු වූ බව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තහවුරු කරයි. 25 April 2020
බළන්ගොඩ නාවික සෙබලුන් තිදෙනාට කොරෝනා නෑ බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයේ බෝවත්ත හපුගහකුඹුර මොළමුරේ යන ප්‍රදේශයන්හි පදිංචි වැලිසර නාවික හමුදා සෙබලුන් කෝවිඩ් වෛරසය ආසාධිත නොවන බවට පී.සී. ආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත. 25 April 2020
කසිප්පු ඔත්තුවට වැටලූ ගෙදර කංසා තවානක් බෙලිඅත්ත ප්‍රදේශයේ නිවෙසක් තුළ කසිප්පු පෙරන බවට ලද ඔත්තුවක් අනුව නිවෙසක් වැටලූ බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන්ට එම නිවෙස ඉදිරිපිට තවාන් කර තිබූ කංසා තවානක් සොයාගැනීමට හැකිවූ බව බෙලිඅත්ත පොලිසිය කියයි. 25 April 2020
වැලිසරින් රත්නපුර රෝහළට ඇතුළත් කළ සෙබලුන් දෙනෛක් කොළඹට රත්නපුර මහ රෝහළට ඇතුළත් කළ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ සෙබලුන් අතරින් දෙදෙනක් කෝවිඩ් ආසාදනය වී ඇති බව පී. ආර්. පරීක්ෂණයෙන් හෙළිවී තිබේ. 25 April 2020
කුරුණෑගල රෝහලේ මෘත ශරිරීගාරයේ සේවකයින් තිදෙනකු නිරෝධායනයට වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී නිවාඩු ලබා පැමිණ සිටි මාවතගම ප්‍රදේශයේ නාවික හමුදා සාමාජිකයෙකු සමග සමීපව ඇසුරු කළ බව කියන කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට සම්බන්ධ මෘත ශරීරාගාරයේ සේවය කරන තිදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. 25 April 2020
ඉංගිරියේ ග්‍රාම නිලධාරී කාර්යාලයක් හොරු කඩලා ඉංගිරිය නම්බපාන ග්‍රාම නිලධාරි කාර්යාලයට ජනේලයෙන් ඇතුළු වූ කිසියම් පුද්ගලයෙක් එහි කබඩ් කඩා ලිපි ලේඛන ඇද දමා එය මතට භූමිතෙල් දමා පලා ගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි . 25 April 2020
ගිනිගත්හේන නාවික සෙබළුන් දෙදෙනෙකු - පවුලේ සාමාජියන් නිරෝධායනයට කොවිඩ් 19 වයිසරය අසාදනය වූ නාවික සෙබළෙකු ගමන් ගත් බස් රථයේ පැමිණි නාවික හමුදා සෙබළෙකු සහ ඔහුගේ පවුලේ ඥාතින් පිරිසක් අද (25) ස්වයං නිරෝධානයට යොමු කිරීමට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළහ. 25 April 2020
නාවික සෙබළු 21 ක් පී.සී.ආර් පරීක්ෂණයකට (බිමල් ශ්‍යාමන් ජයසිංහ) වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලබා පැමිණ සිටි නාවික සෙබළු 21 දෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා අද (25) දින අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළදී පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කළ බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක කළුතර මහ රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය. 25 April 2020
රිදිමාලියද්දේ පදිංචි නාවික සෙබළෙකු බදුල්ල රෝහලට ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ කොරෝනා වයිරසය අසාදනය වූ බවට තහවුරු වූ නාවික සෙබළා සමඟ ඒකම බස් රථයේ පැමිණි රිදිමාලියද්ද, අලුකැටියාව, කුරාලේවෙළ ගම්මානයේ පදිංචි නාවික සෙබළෙකුට උණ රෝගී තත්වයක් ඇතිවීම හේතුවෙන් අද (25) බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය කියයි. 25 April 2020
නාවලපිටියේ නාවික සෙබළුන් තිදෙනෙකු - පවුලේ ඥාතීන් නිරෝධායනයට වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩුවට පැමිණ සිටි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි නාවික සෙබළුන් පස්දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් 23 දෙනෙකු අද (25) සිට දින 14 ක් ස්වයං නිරෝධානයට යොමු කිරීමට නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ. 25 April 2020
අධික වැසි නිසා මාදු ගඟ පිටාර ගලයි මේ දිනවල ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මාදු ගඟ පිටාර ගලා බලපිටියේ ගම්මාන කිහිපයක්ම ජලයෙන් යටවී ඇත. 25 April 2020
ඇල්පිටිය වෙළද සංකීර්ණයේ මළ සිරුරක් ඇල්පිටිය නගරයේ සුපිරි වෙළද සංකීර්ණය අසල සැකකටයුතු ලෙස මියගොස් සිටි අයකුගේ මළසිරුරක් ඇල්පිටිය පොලිසිය විසින් අද (25) පෙරවරුවේ සොයාගෙන තිබේ. 25 April 2020
නෙල්ලිවෙල සෙබලා පී.සී.ආර් පරික්ෂණ සදහා රත්නපුර රෝහලට වැලිසර නාවික කදවුරේ සිට නිවාඩුව පැමිණි ඉඔුල්පේ නෙල්ලිවෙල ප්‍රදේශයේ රැදි සිටියදී නිරෝධනයට ලක් කර සිටි නාවික සෙබළකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇද්දැයි තහවුරු කර ගැනිම සදහා පි.සි.ආර්. පරික්ෂණයට යොමු කිරිම සදහා අද (25) දහවල් රත්නපුර මහා රෝහල වෙත රැගෙන ගිය බව ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 25 April 2020
නිකවැරටිය රෝහලෙන් කුරුණෑගල යැවු ආරක්ෂක අංශ දෙදෙනාට කොරෝනා නෑ නිකවැරටිය රෝහලේ වාට්ටු දෙකක සිටියදී ,කුරුණෑගල ශික්ෂන රෝහලට ප්‍රතිකාර සඳහා මාරු කර යැවු ආරක්ෂක අංශ සැකකටයුතු රෝගීන් දෙදෙනාට කෙරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට වෛද්‍ය වාර්ථා වලින් තහවුරු වී ඇති බව රෝහල් වෛද්‍ය අධිකාරී අමිල මධුරාගොඩ මහතා අද (25) පැවසීය. 25 April 2020
වසා දැමු ගම්පහ සමූපකාර රෝහල යළි විවෘත කරයි ගම්පහ සමුපකාර රෝහලෙහි සේවයේ නියුතු ඖෂධවේදියෙකුට උණ සහිත රෝග තත්ත්වයක් ඇති වීම හේතුවෙන් පෙරේදා එම රෝහල වසා දැමීමට පියවර ගනිමින් රෝගියා පීසීආර් පරීක්ෂණයක් සදහා යොමු කර ඇත. 25 April 2020
අඳුන් දිවි පැටවෙකුගේ සිරුරක් හැටන් බගවන්තලාව මාර්ගයේ අදුන් දිවි පැටවෙකුගේ සිරුරක් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයේ තිබි අද (25) උදෑසන සොයගත් බව නොර්වුඩ් පොලිසිය පැවසීය. 25 April 2020
ඇඳිරිය අස්සේ ගංජා සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ඇඳිරිනීතිය පනවා ඇති වෙලාවෙ අලෙවි කිරිම සදහා සුදානමි කර තිබු ගංජා කිලෝ දෙකක් සමග පුද්ගලයන් දෙදෙනකු අද (25) අත්අඩංගුවට ගත් බව කල්තොට පොලිසිය පවසයි. 25 April 2020
නිවන්තිඩිය මාළු ව්‍යාපාරිකයාට කොරෝනා නෑ අයි ඩී එච් රෝහලට ඇතුළත් කර සිටි පිලියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ මාළු ව්‍යාපාරිකයාට සිදු කළ පරීක්ෂණ කිහිපයකදී කොරෝනා ආසාදිත රෝගී තත්ත්වයක් නොමැතිවීම බවට වෛද්‍ය පරීක්ෂණ කිහිපයක දී අනාවරණය වීම හේතුවෙන් ඔහු අද දින නිවෙස් කරා රැගෙන ඒමට නියමිත බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසී ය . 25 April 2020
ඇදිරිනීතීයේදී හැටන් මත්පැන් අලෙවිසැලකට හොරු පැනලා කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමග ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් කාසල්රි ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැලක් කඩා කිසියම් පිරිසක්අද (25) දින මධ්‍යම රාත්‍රියේ ඇතුල් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය. 25 April 2020
ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකුගේ මළ සිරුරක් සොයාගනී යාපනය වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු වශයෙන් කටයුතු කල පුද්ගලයෙකුගේ මළ සිරුරක් යාපනය තොණ්ඩමන්නාරු මයිලන්තනෙයි මුහුදේ පාවෙමින් තිබියදී අද (25) උදෑසන සොයාගත් බවට වැලවැටිතුරෙයි පොලීසිය පැවසීය. 25 April 2020
නාවික හා යුද හමුදා සෙබළුන් 21 ක් පීසීආර් පරීක්ෂණයට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ තුළදී නාවික හමුදාවේ සහ යුද හමුදාවේ සෙබලුන් 21 දෙනෙකු අද (24) සවස පීසීආර් පරීක්ෂණයට ලක් කළ බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධිකාරක කළුතර දිස්ත්‍රික් මහා රෝහලේ වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පැවසීය. 24 April 2020
වැලිසර සිට හොරොව්පොතානට ආ නාවික සෙබලු හතරක් නිරොධානයට වැලිසර නාවික හමුදා කඳවුරුවල සිට හොරොව්පොතාන ප්‍රදේශයට පැමිණ ඇති නාවික හමුදා සෙබළු හතර දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කළ බව හොරොව්පොතාන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 24 April 2020
රත්මලාන ආර්ථිකායත් මීටරේට රතු සලකුණු රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මීටරයේ දුරට රතු සලකුණු යොදා ජනතාව වරින්වර දැනුවත් කිරීමට ගුවන් හමුදාව සහ ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාරිත්වය අද (24)පියවර ගනු ලැබීය. 24 April 2020
සමෘද්ධි සංවර්ධන නිලධාරිනියට තර්ජනය කළැයි පුද්ගලයකු අත්අඩංගුවට රුපියල් පන්දහසේ දිමනාව ලබාගැනිමට ගිය පුද්ගලයකු රක්වාන කොට්ටල ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියකට බැණ තර්ජනය කළැයි කියන පැම්ණිල්ලක් මත එම සැකකරු රක්වාන පොලිසිය ව්සින් අද (24) අත් අඩංගුවට ගනු ලැබිය . 24 April 2020
කුඩාවැල්ල ධීවර වරායේ වෙරළාරක්ෂක නිලධාරින් දෙදෙනකු නිරෝධායනයට කුඩාවැල්ල ධීවර වරායේ රාජකාරීවල නිරත වූ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු අද (24) නිරෝධායනයට ලක් කිරීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීහු පියවර ගත්හ. 24 April 2020
අධිකරණ නියෝගය පැහැර හැරි වෙළෙන්දා රක්ෂිත බන්ධනාගාරයට අධිකරණ නියෝග පැහැර හැරීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරිය බාධා කිරීම ඇතුළු චෝදනා 04 ක් යටතේ මීගොඩ පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගත් මීගොඩ ආර්ථික මධ්‍යස්තානයේ ව්‍යපාරිකයෙකු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලූපුලි ලංකාපුර මහත්මිය අද (24) දින නියෝග කළාය 24 April 2020
ගර්භණී මාතාවනුත් පීසීආර් පරීක්ෂණයට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් බල ප්‍රදේශයේ සේවා වසම් දෙකෙහි පදිංචි සති 38 ඉක්මවූ ගර්භනී මාතාවන් 15 දෙනෙකු අද (24) දින පීසීආර් පරීක්ෂණයට ලක්කළ බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධිකාරක කලුතර මහා රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය . 24 April 2020
පුත්තලමේ ජංගම වෙළදුන්ට උපදෙස් පුත්තලම පොලිස් වසම තුල සනීපාරක්ෂක ලෙස ජංගම වෙළදාමේ සිදු කල යුතු ආකාරය පිළබදව එම පුද්ගලයින් දැනුවත් කිරීමක් අද 24 උදෑසන පුත්තලම පොලිස් ස්ථානය අසලදී සිදු කෙරෙණි. 24 April 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025