(ජේ.කේ.එල් චාමින්ද)
කොරෝනා වයිරසයත් සමඟ ඇඳිරි නීතිය පැනවුවද මෙරට 130,000ක් වූ වතුකම්කරුවන් හා වතු කාර්ය මණ්ඩලය පැවති අවදානම් තත්වය නොසලකා වතු ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව කටයුතු කරගෙන යන බව ලංකා වතුසේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා පැවසීය.
ප්‍රදේශීය වැවිලි සමාගම් 23 ක සහ රාජ්‍ය වැවිලි සමාගම් 05 කට අයත් වතුකම්කරුවන් හා වතුකාර්ය මණ්ඩල වතු ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව කටයුතු කරගෙන යන බව පවසන ලංකා වතුසේවා සංගමයේ සභාපතිවරයා මේ වනවිට වතු ක්ෂේත්‍රය තුළ කොරෝනා වසංගතය පැතිරයාම සම්බන්ධයෙන් පැවති අවදානම පහවගොස් ඇති බවද පවසයි.
මේ පිළිබද අදහස් දක්වමින් ලංකා වතුසේවා සංගමයේ සභාපතිවරයා මෙසේද කීවේය.
‘‘ඇඳිරිනිතිය පැනවීමත් සමඟ පසුගිය මාසයේ 23 වැනිදා අගනගරයේ රැකියාවල යෙදි සිටි විශාල පිරිසක් වතුවලට පැමිණියා. ඒ සමඟ යම්කිසි අනතුරුදායක තත්වයක් ඇතිවුණා.
කොහොම වුනත් මේ වනවිට දින 24 ක් පමණ ගතවෙලා තියෙන නිසා.පැවති අවදානම් තත්වය පහවගොස් තියෙනවා.රෝගින්ද හමුවුනේ නැහැ. වතු කම්කරුවන්ට රුපියල් 5000 දිමනාව තවම ලැබිලා නැහැ. ඇතැම් ස්ථානවල ආහාර බේදාහැරිමේ සම්බන්ධ ගැටළු ද පැවතුණා.
කොහොමවුනත් මේ වනවිට තේ වලට හොද මිලක් ලැබිලා තියෙනවා. අපේ රටේ සමස්ත අපනයන ආදායමෙන් සියයට 14 ක් විතර ලැබෙන්නේ වැවිලි අංශයෙන් නමුත් කොරෝනා වසංගතයත් සමඟ අනික් ක්ෂේත්‍ර අකර්මන්‍ය විම නිසා වැවිලි ක්ෂේත්‍රයේ වර්ධනය සියයට 20 ත් 25 ත් වශයෙන් ඉහළ යන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවද ලංකා වතුසේවා සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
799
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2450
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වතු කම්කරුවන් - කාර්ය මණ්ඩල අඛණ්ඩව සේවා කටයුතුවල