(නිශාන්ත කුමාර )
කන්දකැටිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ තරුණයින් සිව්දෙනෙකු කන්දකැටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගන මුලික රෝහල වෙත මාරු කර යැවූ බව කන්දකැටිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ අසල්වැසි නිවෙස් දෙකක තරුණයින් සිව් දෙනෙකි.
ගැටුම්ට මැදි වූ තවත් කීපදෙනකු ද සුළු තුවාල ලබා ඇත.
පෞද්ගලික කෝන්තරයක් ගැටුමට හේතු වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.ඊයේ රාත්‍රියේදී මෙම ගැටුම ඇතිව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd