(අමරසිරි රණසිංහ)
ඌරගස්මංහන්දිය නගරයේදී මත්පෙති සමඟ පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරවල පාර බුළුගහහන්දිය පදිංචි අයෙකු හා ඌරගස්මංහන්දිය අටේකණුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.
එක් පුද්ගලයෙකු සතුව මත්පෙති 265 ක් ද අනෙක් පුද්ගලයා සතුව මත් පෙති 12 ක් ද තිබී සොයාගත් බව පොලිසිය පැවසීය.
බුද්ධි අංශයට ලැබුණු තොරතුක් මත ඌරගස්මංහන්දිය නගරයේ ඔසු සැලක සිදුකරගෙන යන මත්පෙති ජාවාරමක් වැටලීම සඳහා යොදවා තිබූ පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයන්ගෙන් ලබාගත් තොරතුරු මත අදාල ඔසු සල පරීක්ෂාවට ලක් කළද එහි මත්පෙති නොතිබූ බවද පොලිසිය පවසයි.
සැකකරුවන් හා මත්පෙති තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව ඌරගස්මංහන්දිය පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd