IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයකු රිමාන්ඩ්

(අප්සරා යෝසිත් විජේසූරිය)

මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධව අධිකරණයෙන් ඇපමත මුදාහැර සිටි සැකකාර චූදිතයකු විසින්  නීතීවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයක් වන කසිප්පු බෝතල් 05 ක් සන්තකයේ තබාගෙන සිටීයදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසුව මේ මස 24 දින තෙක් රිමාන්ඩ් බාරයට පත්කිරීමට රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් ඩී ද එස් වීරවර්ධන මහතා නියෝග  කලේය.

මෙසේ රිමාන්ඞ් බාරයට පත් චූදිත සැකකරු වූයේ රත්නපුර හිදැල්ලන ෆාම්ගාර්ඞ්න් ප‍්‍රදේශයේ පදිංචි පී. සිරිපාල නැමැත්තෙකි.

මෙම සැකකාර චූදිතට එරෙහිව මීට වසර  කීපයකට  පෙර මත්ද්‍රව්‍ය විරෝධී සමාජ ක‍්‍රියාකාරකම්වල යෙදුණ තරුණයකු ඝාතනයට ලක්කිරීමේ මිනීමැරුම් චෝදනාව සම්බන්ධව අධිකරණයේ පැවති නඩු විභාගයදී ඉකුත් 2019 වසර දෙසැම්බර් 2 දිනදී අධිකරණය නියම කළ ඇපමත මෙම චූදිත මුදහැර තිබුණි.

එම නඩුවදී රුපියල් 5000 ක මුදල් ඇපයක් සහ  රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇප මත මෙම චූදිත සැකකරු මුදාහරිනු ලැබ ඇත්තේ අධිකරණය නියම ඇප කොන්දේසිද සහිතවයි.

එසේ අධිකරණය විසින් පනවන ලද ඇප කොන්දේසි  අනුව මෙම චූදිත කිසියම් හෝ වරදක් සම්බන්ධව නැවත අධිකරණය හමුවට ඉදිරිපත්  කිරීමක් සිදුවුවහොත් පෙර ඇප අවලංගු වන බවත් එහිදී සඳහන් කර තිබිණ.

ඒ අනුව රත්නපුර පොලිසියේ කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පේ‍්‍රමරත්න මහතා විසින් මෙම චූදිතට එරෙහිව පෙර ඇප කොන්දේසි කඩ කිරීමේ වරද සම්බන්ධවත්, නීතිවිරෝධී මත්ද‍්‍රව්‍ය  වන කසිප්පු සන්තකයේ තබාගැනීම සම්බන්ධවත් අධිකරණයට කරුණු වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.



අදහස් (0)

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයකු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 799 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site