හිරාන් ප්‍රියංකර ජයසිංහ
කල්පිටිය තොරඅඩිය ප්‍රදේශයේ ( 15 ) සවස අඹු සැමි ආරවුලකින් පසු සැමියා සිය බිරිදට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර ඔහුද සිය දිවි නසා ගෙන ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දෙදරු මවක් වන 30 හැවිරිදි කාන්තාවකි.
කලක පටන් අඹු සැමියන් අතර ඇති වු ආරවුලක් මෙම ඝාතන වලට මුල්වි ඇති බව පොලිසිය කියයි.
මෙම ආරවුල හේතුවෙන් අඹු සැමියන් වෙන්ව ජිවත් වි ඇති බවත් අද (15) සවස තොරඅඩිය ප්‍රදේශයේ බිරිදගේ නිවස කඩා වැදුන සැමියා තියුණු ආයුධයකින් ඇණ බිරිදට බරපතල තුවාල සිදු කර තිබු බවත් ඇය කල්පිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මරණයට පත්වි ඇති බව කියයි.
බිරිදව මරා දැමු සැමියා ඉන් පසුව එම තියුණු ආයුධවෙන් ඇන ගෙන සියදිවි නසා ගෙන ඇති බවට දැනට කරන මුලික පරික්ෂණ වලදි සනාථ වි ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
මෙම අඹු සැමි යුවලට දරුවන් දෙදෙනෙකු සිටින බවද කියයි.
දෙදෙනාගේ මළ සිරුරු කල්පිටිය රෝහලේ තැම්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණ සදහා පුත්තලම මුලික රෝහලට රැගෙන එමට කටයුතු කරමින් තිබේ.නනනන
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිරියට පිහියෙන් ඇන සැමියා ද සිය දිවිහානි කර ගනී