ඉපලෝගම ප්‍රා සභාපති කොරෝනාවට බිලි අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් තිලකවර්ධන මහතා කොරෝනා වයිරසය වැළඳීම අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ කියයි 28 December 2021
‘‘ජනතාව අතර පිපිරීමක් වුණොත් එය එතරම් හොඳ නෑ‘‘ සිංහල අලුත් අවුරුදු කාලය වන විට රටේ ආහාර හිඟයක් ඇතිවන බව ලැබී තිබෙන සියලු ආරංචි මාර්ග තහවුරු කරන බැවින් වහා ඉන්දියාවෙන් තෙල් සහ ආහාර ණයට ගැනීමට කටයුතු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය. 28 December 2021
කොරෝනා රෝගීන්ගේ අඩුවක් අද පෙන්නයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 479 දෙනකු අද(28) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 28 December 2021
ත්‍රිරෝද රිය පෙරළී එකක් මරුට:පහකට තුවාල පුද්ගලයන් 6 දෙනකු ගමන් ගත් ත්‍රීරෝද රථයක් හොරණ මතුගම මාර්ගයේ වෙල්ගම දවටගහවත්ත හංදිය පෙරළී යාමෙන් එක් අයකු මියගොස් වයස අවුරුදු 2 ක කුඩා දැරියක් ඇතුළු පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි. 28 December 2021
දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන් දුම්රිය ස්ථානාධිපතිවරු ක්‍රියාත්මක කර තිබූ වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අද (28) පස්වරුවේ තීරණය කළ පැවසීය. 28 December 2021
කොරෝනා මරණ 20 පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 December 2021
ලෝක වර්තාවක් තියන්න යන සාරා රත්මලානට මයික්‍රෝ ලයිට් තනි එන්ජින් ගුවන්යානයකින් ලෝකය වටා තනිව පියාසර කල ලාබාලතම ගුවන් නියමුවරිය ලෙස ලෝක වාර්ථාවක් තැබීමට සූදානම් වන්න බෙල්ජියම් ජාතික දහනවහැවිරිදි තරුණියක වන සාරා රදර්ෆර්ඩ් (Zara Rutherford) මෙනවිය රත්මලාන ගුවන් තොටුපලට අද දහමල් පැමිණියාය. 28 December 2021
ජනපතිට ඕනෑම වේලාවක ඉවත් කරන්න පුළුවන් අවධානම දනිමින් සහ අවදානම ගනිමින් යුගදනවි ගිවිසුම පිළිබඳ ඇත්ත උසාවියට සහ රටට හෙළිකිරීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාව ඇමති ධූරවලින් ඉවත් කළ හැකි යැයි හොඳන් දන්නා බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද ‘ලංකාදීප’යට පැවසීය. 28 December 2021
තෙල් ප්‍රවාහන දුම්රිය 4 ක් අවලංගු කරයි දුම්රිය ස්ථානාධිපතිවරු තෙල් ප්‍රවාහන රාජකාරිවලින් ඉවත්වීමෙන් මේ දක්වා තෙල් දුම්රිය ගමන් වාර හතරක් අවලංගු කිරීමට සිදුවූ බවත් එයින් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල මූල්‍ය පාඩුවක් වූ බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (28) පස්වරුවේ පැවසීය. 28 December 2021
හල්දුම්මුලේදී අතුරුදන්වු දරුවා කොටුවෙන් මතු වෙයි හල්දුම්මුල්ල බත්ගොඩින් අතුරුදන්වූ දස හැවිරිදි දරුවකු අද කොළඹ පිටකොටුවෙන් හමුවූ බව හපුතලේ පොලිසිය කියයි. 28 December 2021
දිමුත් වසරේ ටෙස්ට් ක්‍රීඩක සම්මානයට නිර්දේශ වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙලේ වසරේ ටෙස්ට් ක්‍රීඩකය සම්මාන සඳහා නිර්දේශ වී තිබේ. 28 December 2021
ජීවන වියදමට එරෙහිව ආදිවාසීහු මහ පාරට දිනෙන් දින ඉහළ යන බඩුමිල හේතුවෙන් තමන්ට ජීවත්වීමට අසීරු බව පවසා ඉතා කඩිනමින් විසැඳුමක් දෙන්නැයි ඉල්ලා දිඹුලාගල දලුකාන ආදිවාසී නායීකාව වන කේ. ලිසිනෝනා මහත්මිය ඇතුළු තවත් ආදිවාසී පවුල් හතක් සහ ඔවුන්ගේ දරුවන් දලුකාන ශ්‍රී පෞරාණික පත්තිනි දේවාලය අසල අද විරෝධතාවක නිරත වූහ. 28 December 2021
පස්දරු මව මරා කිඹුලන්ට කන්න දාලා කිලිනොච්චිය උදයනගර්,අම්බලකුලම් හි පස්දරු මවක ඝාතනය කොට ඇගේ සිරුර කිඹුලන් සිටින ඇළ මාර්ගකට දැමූ තරුණයකු කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 28 December 2021
රාජ්‍ය සේවකයන්ගෙන් නව වසරට ප්‍රතිඥාවක් සියළු රජයේ ආයතනවල නව වසරට වැඩ ආරම්භ කිරීමේ උත්සව ලබන ජනවාරි 3 වැනිදා පැවැත්වෙන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා පැවසීය. 28 December 2021
පොහොර මිටියක් 10,000 පනී රසායනික පොහොර තහනමට පෙර රුපියල් 1500 ත් 2000 ත් අතර මිලට අළෙවි වූ කිලෝ 50 පොහොර මිටියක් මේ වන විට රුපියල් 10,000 කට ආසන්න මිලකට අළෙවි කරන බව පොහොර ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 28 December 2021
මට්ටක්කුලියේ බෝට්ටු අංගනයක ගින්නක් මට්ටක්කුලිය බෝට්ටු නිෂ්පාදන අංගනයක ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව කියයි. 28 December 2021
නව කෘෂි ලේකම් වැඩ බාර ගනී කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා අද (28) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ බාර ගත්තේය. 28 December 2021
‘අවම බස් ගාස්තුව 20 ක් කළ යුතුයි’ අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දැමිය යුතු බවත් සෙසු බස් ගාස්තු සියයට 25 ඉක්මවූ ප්‍රතිශතයකින් වැඩිවිය යුතු බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය. 28 December 2021
බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති ගිහි ජීවිතයේදී මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර ලෙස රාජකාරි කළ බුද්ධංගල ආනන්ද හිමියෝ අද (28) උදෑසන අපවත් වූහ. 28 December 2021
පේරාදෙණිය - චෙන්කලාඩි මාර්ගයේ කොටසක් ජනතා අයිතියට පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි ( A005 ) මාර්ගයේ සංවර්ධනය කළ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස අද දින ජනතා අයිතියට පත් කළේය. 28 December 2021
‘ඇමැතිවරුන්ට රට යන්න ඩොලර් කොහෙන්ද’ රටේ කිරි දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් ගෙන්වන්නට ඩොලර් නැති තත්ත්වයක් තිබුණත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බුරුතු පිටින් විදේශ ගත වන්නට ඩොලර් කොහෙන්දැයි වහාම රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 28 December 2021
බෝලයෙන් ආ මරුවා දරුවා ඩැහැ ගනී මැදිරිගිරිය කුසුම්පොකුණ ප්‍රදේශයේ වයස අවුරුදු නවයක පිරිමි දරුවකු අනාරක්ෂිත ළිඳකට වැටී මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 28 December 2021
කටුගස්තොට ආර්ථිකය එළවළු නැතිව පාළුවට යයි කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව ලැබෙන එළවළු ප්‍රමාණය තව දුරටත් අඩු වීම නිසා ආර්ථික මධ්‍යස්ථානය එළවළු නොමැතිව අද පාළුවට ගියේය. 28 December 2021
පූනරින් ඝාතනයට සිවි දෙනෙකු අත්අඩංගුවට ඩිංගි යාත්‍රාවකින් පැමිණ කිලිනොච්චිය , පුනරින් කෞදාරිමුනෙයි මුහුදේ දියනා විනෝදවෙමින් සිටි තරුණයකු කපා කොට ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක හා තවත් පුද්ගලයින් තිදෙනකු අද (28) යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පුනරින් පොලිසිය කියයි. 28 December 2021
‘මිත්‍යා මත නිසා ‘බූස්ටර් එන්නත’ගැනීම පසුබැහැලා’ විවිධ මාධ්‍ය ඔස්සේ පැතිරෙන යම් යම් මිථ්‍යා මත නිසා කොවිඩ් තුන්වෙනි මාත්‍රාව ලබා ගැනීමේ සැලකියයුතු පසුබෑමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 28 December 2021
ලක්ෂ 7 ක මත් කුඩු සමඟ තිදෙනකු අල්ලයි දර්ගා නගරයේ බොන්දුපිටිය මුදලි ගම ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 7කට අධික මත්කුඩු ග්‍රෑම් 19යි ක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරි වරයා අද (28) පැවසීය . 28 December 2021
‘සන්ෂයින් සුද්දා’ ඝාතනයේ වෑන් රියැදුරු අල්ලයි සංවිධානාත්මක අපරාධ කරුවකු වන අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් සන්සයින් සුද්දා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වන ටින්කර ලසන්ත යන අය සමග වෑන් රථයකින් ගමන් කළ සැකකරු තඹුත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි . 28 December 2021
පොහොර සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට පුස්සැල්ල යටගම ප්‍රදේශයේ පොල් වත්තක තිබූ යූරියා පොහොර මිටි විස්සක් සොරා ගෙන ගිය සොරෙකු අද (28) අලුයම අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පැවසීය. 28 December 2021
අදත් වැස්ස නෑ රට පුරා බොහෝ ප්‍රදේශවල අදත් (28) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 December 2021
එළිමහන් සංගීත ප්රසංගවලටත් අවසර කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවසරපත් නිකුත් කරන ලෙස පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසීය. 28 December 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026