
(අංජුල මහික වීරරත්න)
සිංහල අලුත් අවුරුදු කාලය වන විට රටේ ආහාර හිඟයක් ඇතිවන බව ලැබී තිබෙන සියලු ආරංචි මාර්ග තහවුරු කරන බැවින් වහා ඉන්දියාවෙන් තෙල් සහ ආහාර ණයට ගැනීමට කටයුතු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය.
ණයට තෙල් සහ ආහාර ගැනීමට ආණ්ඩුව මේ වන විටත් ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බව කී රනිල් වික්‍රමසිංහ මහතා ණය ලබා ගැනීමෙන් හෝ ණයට භාණ්ඩ ලබා ගැනීමෙන් රටේ විදේශ විනිමය ප්රශ්නය නොවිසදෙන නමුත් තාවකාලික හෝ සහනයක් ලබා ගැනීමට නම් ඉන්දියාවෙන් ණයට තෙල් සහ ආහාර ලබා ගන්නා වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට දැනුම් දෙන බවද සඳහන් කළේය.
එම නිසා ආණ්ඩුව ඉන්දියාව සමඟ මේ වන විට තෙල් සහ ආහාර ණයට ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන සාකච්ඡා වහාම අවසන් කර එකඟතාවයකට පැමිණිය යුතු බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී කීය.
මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන යුතුකම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ආධාර ගැනීම හෝ එසේ නොකරන්නේ නම් පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීම බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා මේ වන විට ආණ්ඩුවෙන් ඒ කාරණා දෙකම සිදු වී නොමැති බව ද කීය.
මෙම පසුබිම යටතේ ජනතාව දැඩි කෝපයෙන් පසුවන බවත් එම ජනතාව අතර පිපිරීමක් ඇති වුවහොත් එය ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැනිලා වැනිලා කඩාගෙන වැටෙනකල් පස්සෙන් ගියාට බිමට වැටෙන්න කළින් පුපුරලා යයි කියලා බයේ වගේ...
මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන යුතුකම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ආධාර ගැනීම ගියහොත් සිදුවන්නේ පකිස්ථානය සිදුවූ දෙයම වේ. ඉන්දියාවට ගියහොත් යම් සහනය ලබාගැනීමට හැකියාව පවතී. එම සහනය ඉන්දියාව ලබාදෙන්නේනම් එයට හේතුව ශ්‍රී ලාංකිකයන් ගැන අනුකම්පා කරමිස වෙනත් හේතුවක් නොමැත. 1991 ඉන්දියව ආර්ථික අගාදයෙන් සාර්ථකව ඉදිරියට පැමිණියේ අයි.එම්.එෆ් ආයතනය මගින් ඉන්දියාවට යෝජනකල කොන්දේශි සියල්ල ඉන්දියාව ක්‍රියාත්මක කිරීමට නරසිංහ රාවෝ අගමැතිවරයා සිදුකල නිසාවෙනි. 1991 වලින් පසු මෙතෙක් ඉන්දියාව අයි.එම්.එෆ් ආයතනයෙන් මුදල් ලබා ගෙන නැත. ලංකාවේ ආර්ථික අර්බුදයට $ සොයා දඩයමේ යන ගමනේදී ආණ්ඩුව මංමුලා වී ඇති බව පැහැදිලිව පෙනේ.
මෙයාට හොඳ අත්දැකීමක් තියෙනවා ජනතාවගේ කෝපය ගැන...
ඔව් ඒක පල් හොරුන්ට (අවුරුදු 70 ක් බලයට ආ උන් )ඒ තරම් හොඳ නෑ.මහා ජනතාවට ඒක හොඳ වෙයි
මොන කතාද. මේ ආණ්ඩුව හිරි වැටිච්ච ආණ්ඩුවක්. කිසිම දෙයක් කරන්නේත් නෑ කරන්නත් ඛෑ.
ඇයි ඒකටනේ හමුදාව සහ පොලිසිය ඉන්නේ.දෙපැත්තේම දේශපාලකයෝ මාරුවෙන් මාරුවට විනාශ කරලා අන්තිමේ ජනතාව නැගිටිනකොට හමුදා යාන්ත්‍රනය යොදා මර්ධනය කරනවා. ප්රජාතන්ත්රවාදය රැකගැනීම හෝ රටේ ආර්ථිකය රැකගැනීම සදහා කියල ඔය දෙගොල්ලම හොරෙන් මේකට සහය දෙනවා. නැවතත් දෙගොල්ලොම හොරා කනවා. මේක තමයි නැවතත් වෙන්න යන්නේ. මේ යන විදිහට අද හෙටම මර්ධන යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා.
ඇයි ඒකටනේ හමුදාව සහ පොලිසිය ඉන්නේ.දෙපැත්තේම දේශපාලකයෝ මාරුවෙන් මාරුවට විනාශ කරලා අන්තිමේ ජනතාව නැගිටිනකොට හමුදා යාන්ත්‍රනය යොදා මර්ධනය කරනවා. ප්රජාතන්ත්රවාදය රැකගැනීම හෝ රටේ ආර්ථිකය රැකගැනීම සදහා කියල ඔය දෙගොල්ලම හොරෙන් මේකට සහය දෙනවා. නැවතත් දෙගොල්ලොම හොරා කනවා. මේක තමයි නැවතත් වෙන්න යන්නේ. මේ යන විදිහට අද හෙටම මර්ධන යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා.
මල්ලි, මුන් ඔක්කොම යාලුවෝ මල්ලි.
ඔබ තුමාලා ආණ්ඩුව කරන කාලෙත් මෙම ආන්ඩුව වගේම සංචාරක කර්මාන්තය සහ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදෙස්ගත මුදල් වලින් යැපුනා මිසක අර ඔක්කොම බැනපු ආර් ප්‍රේමදාස මහත්මිය වගේ ඇගළුම් කර්මාන්තශාලා තව 500 ක් දාලා තවත් විදෙස් ආයොජන වැඩි කලා නම් හොද නැද්ද? දැන් නපුංසකයෝ වගේ කියවලා වැඩක් නැහැ. දැන්වත් පිනක් දහමක් කරගෙන පැත්තකට වෙලා ඉන්න.
යහපාලන කාලයේ ඔබ ඔබේ යුතුකම ඉටුකළා නම් අද මේ ප්‍රශ්න කිසිවක් නැත. දැන් පණ්ඩිත කතා කියවනවා...
"අනිත් මී හරකුන් තුන්දෙනාට වගේම මම මීහරකටත්" පට්ටියේ මහපුටුව හැමදාම හීනෙන් පේනවා. මෙයා එ්කයි මට දැන්දැන් ජනතාව ගැන දුක දැනෙන්නේ.. නංගිලා, මල්ලිලා ඔක්කොම මට මේ සැරේ ඔහෙලගේ මනාපේ දෙන්න හොඳේ.. මම ගිය සැරේ උන්න බැරිවුණු කඩවුණු පොරොන්දු ඔක්කොම ෆ්‍රී වයිෆයි, බ්‍රේස්ලට්, ෆොක්ස්වැගන්... ඒ ඔක්කෝටම අමතරව නිකන් පැට්රල්, භූමිතෙල් දෙනවා හොඳේ..
ඔබ මහින්ද එක්ක ඩීල් නොදා වංකව පක්ෂයේ සුදුස්සාට සුදුසු තැන දීලා කටයුතු කළා නම් අද මෙහෙම වෙන්නේ නැහැ.
ආණ්ඩුව මෙවර සිංහල අලුත් අවුරුද්දට ගනුදෙනු කරන්නේ IMF ආයතනය සමගද? නොඑසේනම් ඉන්දියාව සමගද? කියලා ජනතාවට කියන්න..
මතකද කාලයක් තිබුනා පාරේ අනුන්ගේ වාහනවලට අත දාලා හෝන් ගහලා රජයට තමන්ගේ විරුද්දතාවය පෙන්නුවා. ආණඩුවට විරුද්දකම පෙන්වන්න ගෙවල්වල තිබෙන වලන් පිඟන් පොලවේ ගහන්න කිව්වා. මිනිස්සු ඒ ගොන්වැඩ කලේ නැහැ.
ජනතාවගේ පිපිරීමේ ප්‍රතිපල තමයි ඔහේ දැන් විඳින්නේ
ආණ්ඩුවට දුන් මේ උපදෙස් නම් හොඳයි. හැබැයි හීනෙන් හෝ දකින්න එපා ඔයාට ආපහු බලයට එන්න පුළුවන් කියල. නමුත් මෙයා කරපු කර්තව්‍ය වලට පොහොට්ටුවට ලැබෙන ජාතික ලැයිස්තුවෙන් මහින්ද මෙයාව පත් කරාවි. උපරිම ඔච්චරයි .
ඔයා බබා.. රත්ති බාල්දියෙන්ද බොන්නේ...?
රට්ටුන්ට මැදමුලනට ගිහින් මෙදා පාර අවුරුදු කන්න පුළුවන් ජයටම
ණය ගන්න, විකුණන්න නියම පොර උපදෙස් ගන්න...!
මෙයා මේ ජනතාව අතර පිපිරීමක් ගැන කතා කරනවා... රටේ මිනිස්සු යහපාලනයට ඡන්දෙ දීලා මෙයාව අගමැති කරලා මිනිස්සු බලාපොරොත්තු වුනේ UNPය ඉතිහාසේ නොතිබුණු ඉහළ තැනකට අරන් යයි කියලා. කොහේද... බැඳුම්කර හොරකමෙන් ඔක්කොම පාවාදීලා... හිටපු හොරු ඔක්කෝමත් එක්ක ගේම් ගහලා නඩුවලින් බේරිලා අන්තිමේදී.... හොරුන්ටම රට දීලා එක ආසනයක් වත් UNPයට දිනගන්න බැරුව පීචං වෙලා ගෙදර ගියා...
‘‘ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපානවලු‘‘ ඉතින් ඔබතුමාට තියෙන කැක්කුම කුමක්ද?
තමනුත් මේ ව්‍යවසනයේ කොටස්කාරයෙක් බව අමතක කරන්න එපා.. රාජපක්ෂලා එක්ක ඩීල් දාගෙන ගන්න ඕනෑ තීරණ ගත්තේ නැහැ.. සිරිලිය නඩුවට නිලධාරීන් ශිරන්ති ළඟට යවපුවා අමතකද? ඔය හොර මන්ත්‍රීකමෙන් අයින්වෙලා ගෙදර යන්න. ඔහෙලා මේ රටේ කරුමෙට ඉපදුණු මිනිස්සු.