(රේඛා තරංගනී ෆොන්සේකා)

මයික්‍රෝ ලයිට් තනි එන්ජින් ගුවන්යානයකින් ලෝකය වටා තනිව පියාසර කල ලාබාලතම ගුවන් නියමුවරිය ලෙස ලෝක වාර්ථාවක් තැබීමට සූදානම් වන්න බෙල්ජියම් ජාතික  දහනවහැවිරිදි තරුණියක වන සාරා රදර්ෆර්ඩ් (Zara Rutherford) මෙනවිය  රත්මලාන ගුවන් තොටුපලට අද දහමල් පැමිණියාය.

රත්මලාන ගුවන්තොටුපොළේදී ඇය පැමිණි සැහැල්ලු ගුවන්යානයට ජල ආචාරය දක්වා ඇය කොළඹ ගුවන් තොටුපලේ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබීය.

පසුගිය අගෝස්තු මස 13 වන දින බෙල්ජියමෙන් ගමන් ආරම්භ කර ඇති ඇය  ඇමරිකාව බ්‍රිතාන්‍ය රුසියාව ඇතුළු රටවල් ගණනාවක් හරහා මේ වන විට ගමන්කොට ඇත.

ඇය ගමන් ගන්නා ගමන් මාර්ගයේ 40 වැනි රට හැටියට ලංකාවට පැමිණ සිටින ඇය ගුවන් තොටුතොටුපළවල් 52ක නැවතුම් සිදුකර පැමිණ ඇත.

රටවල් පනස් දෙකක් මහත්දීප පහක් ඔස්සේ ගුවන් සැතපුම් කිලෝ මීටර් 51000 මග ගම්න් කිරීමට බලාපොරොත්තු වන ඇයගේ ගුවන් ගමනට යොදාගත් ගුවන් යානය ඉහළ කාර්ය සාධනයක් සහිත ultralight තනි එන්ජින් ගුවන් යානයකි.

එම ගුවන් යානයේ වේගය පැයට කිලෝ මීටර් තුන්සීයක් පමණය.

අද දින ලංකාවේ ගතකරන ඇයගේ මී ළඟ නැවතුම ඉන්දියාව බව ඇය කීවාය.

රත්මලාන ගුවන් තොටුපලේ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවාවනිතා සභාපතිනිය මේනකා සොනාලි නානායක්කාර මහත්මිය යන දෙදෙනා ඇයට සමරු තිබිණද පිළිගැන් වූහ.