
(මොහොමඩ් ආසික්)
කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව ලැබෙන එළවළු ප්‍රමාණය තව දුරටත් අඩු වීම නිසා ආර්ථික මධ්‍යස්ථානය එළවළු නොමැතිව අද පාළුවට ගියේය.
කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ භාණ්ඩාගාරික පි.බී. දිසානායක මහතා සදහන් කළේ කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථාය වෙත සාමාන්‍ය දිනවල එළවළු කිලෝ ලක්ෂ දහයක් පමණ ලැබුණත් අද දින තිබුණේ ලක්ෂයකටත් අඩු ප්‍රමාණයක් බවයි.
එළවළු ලැබීමේ ප්‍රමණෙය අඩු වීම නිසා මිළ ඉහළ මට්ටකට පවතින බවත් ඒ නිසාම පාරිභෝගිකයින් සහ සුළු ව්‍යාපාරිකයින් එළවළු මිළ දී ගැනීමට පැමිණිම ඉතා අඩු මට්ටමක පවතින බවත් ඒ මහතා කිය.
නුවරඑළියෙත් දඹුල්ලෙත් එළවළු ප්‍රමාණය අඩු වී ඇති බැවින් කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළුද ඉතා අඩු මට්ටමක පවතින බවත් මහතා කිය.
කටුගස්තොට ආර්ථික මධයස්ථානයේ කැරට් 400 -450 ත් අතරත් බොංචි 400- 450 ත් අතරත් තක්කාලි 200 – 250 ත් රත් බටු 300-350 ත් අතරත් තොග මිළ පැවැති බවද ඒ මහතා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමාන රජය අනුගමනය කරන්නේ සිම්බාබ්වේ, ලෙබනාන් වගේ රටවල්. දැන් රට ඒ දිසාවට තමා ගමන් කරන්නේ. හිටපු කෘෂිකර්ම ලේකම්තුමා ආහාර හිගය ගැන කලින් අවවාද කලේ මේ ගැන දන්නා නිසා. ආණ්ඩුව ගණන් ගත්ත නැහැ. ඇත්ත කියපු නිසා ඇතුමාට ගෙදර යන්න වුනා. මේ රජය විෂයභාර විද්වතුන්ගේ උපදෙස් ගන්න නැතුව, මැලෝ දෙයක් දන්න නැති හාල්පාරුවන්ගේ උපදෙස් අරන් අණා ගන්නවා. මහින්දානන්දත්, බන්දුලත්, ලසන්ත අලහියවන්නත්, ගම්මන්පිලත් තමන්ගේ වගකීම් ඉටු කරගන්න බැරිම තැනේ ඉන්නේ.
ඔය කියන තරම් එළවලු හිඟයක්වත් මිල වැඩි වීමක් වත් නෑ
රභාකරන් අවුරුදු 30 ක් උත්සහ කරලත් අපේ රටේ කෘෂිකර්මාන්තය වට්ටන්න බැරි උනා , එත් එක පිස්සෙක් අවුරුදු 2කින් ඒක කලා
කටුගස්තොට විතරක් නෙමේ මෙලෝ හසරක් නොදන්නා මෝඩ අමනයින්ගේ අමන මෝඩ තීන්දු නිසා මුළු රටෙම් මෙහෙම තමයි ,එළවලු කියල දෙයක් නැහැ .ඊයේ කරත්තෙකින් එළවලු විකුනනවා මොනවද විකුණුවේ ? අඹ වට්ටක්ක සහ ඇඹරැල්ලා !!! ඔන්න එළවලු !!! කාල වරෙල්ලකෝ තව පම්පොරිත් ගහනවා ඉස්සරහ තුන හරියට කොරනවා කියල ඒ කියන්නේ මේ දෙක හරියට කොරේ නැහැ කියන එක නේද ? ඒ තුන ඉවරවෙනකොට රට වැසියන්ගේ තුන ඇඟටම ඇලිල නැතිවෙලා තියේවි !!!!!
මුළු රටේම ආර්ථිකය පාළුවට යන්න වැඩි කාලයක් නෑ...