
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි ( A005 ) මාර්ගයේ සංවර්ධනය කළ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස අද දින ජනතා අයිතියට පත් කළේය.
මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත් තුන යා කෙරෙන පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි මාර්ගය දිගින් කි.මි 275ක් වේ.
මෙම මාර්ගයේ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස පුලුල් කොට සංවර්ධන ය කර ජනතා අයිතියට පත් කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි .
මෙම මාර්ග කොටස අදියර 3ක් යටතේ දේශීය ඉදිකිරීම් සමාගම් 2 ක් මඟින් සංවර්ධනය කර ඇත. පලමු අදියර ලෙස බිබිල සිට පදියතලාව දක්වා කි.මි 29 ක් සංවර්ධනය කර ඇත.
එහි දෙවන අදියර පදියතලාව සිට ටැම්පිටිය දක්වා කි.මි 30 ක් සංවර්ධනය කර ඇත.
ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා කි.මි 27.7 ක් තුන්වන අදියර ලෙස සංවර්ධනය කර ඇත. මෙම බිබිල සිට චෙන්කලාඩි දක්වා මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 7,200 ක මුදලක් වැය කර ඇත.
මෙම මාර්ග කොටස සංවර්ධනය කිරීම සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල ව්‍යාපෘතිය SFD ( Saudi Fund for Development ) මඟින් මූල්‍යාධාර සපයා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිහිප දෙනෙකුගේ සාක්කු හොඳට පිරෙන්න ඇති...
නියමයි... ඔහොම යන්.. අසන්නට ලැබීමත් සතුටක්. විශේෂයෙන්ම කොවිඩ් ප්‍රශ්නය එක්ක...
මොන විකාරයක් ද මේ..? තිබුණු පාර ටිකක් පළල් කරලා ඒකටත් සෑහෙන ගාණක් වියදම් කරලා උත්සවයක් තියනවා. මේ විවෘත කිරීම් නවත්වන්න. රට බංකොලොත් වෙන්න යනවා.
ගෙවන්න බැරිව තවත් ණය, පෙරදා කොළේත් මේකමනේ...
"නුවරඑළියේත්, දඹුල්ලේත් එළවළු ප්‍රමාණය අඩු වී ඇති බැවින් කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළුද ඉතා අඩු මට්ටමක පවතින බවත් මහතා කීය. " 69 ලක්ෂය ඉදිරියේදී කාපල්ලා පාරේ තාර...
කෝ බමුණා... හම්බයින්ගේ සල්ලිවලින් හදලා තියෙන්නේ මොකක්ද? පිස්සුද මන්දා...
කහපාට ගොයම පොහොර නැතිවද?.
නොකියූ කතාව.. බදුල්ල සිට බිබිලේ දක්වා ආරම්භ කළ මාර්ග සංවර්ධනයට මොකද වුණේ? එය කරගන්න බැරිද?
කෑලි තුනටම පොලී ණය රුපියල් මිලියන 7200ක් ගන්න ඇති. එතකොට වසුරු පෝර නැවට විතරක් මිලියන 1500ක් ඒවාගේ ණයවලින් දෙන්න වෙලා. ආර්ථික අපරාධවලට වැරදිකරුවන් කවුරුත් නෑ… නියම වැඩේ..
වීර සිංහලයින්, මුස්ලිම් අයවලුන් ඉදිරියේ දණින් වැටෙන අයුරු..!!!
අනේ මන්දා, හැදුවමත් ඒකේ අඩු පාඩු, කලේ නැතිනම් මොනවද කරන්නේ කියල අහනවා. එක්කෝ මානසික පිස්සෝ, නැතිනම් ලෙඩ්ඩු
හැබෑටම ඊශ්‍රායල් රටෙන් අපිට මේ වගේ දේවල් ලැබෙන්නේ නැත්තේ ඇයි? අපේ අය ඊශ්‍රායලයට මාර සපෝට්නේ..
කුහක නැතුව කියන්න ඕන මේවා කව්රු කරත් (යහපාලනය වේවා "ස " වේවා )හොඳ වැඩ. පින්තූර ටික දැක්කම යන්න හිතෙනවා .මොකද මීට අවුරුදු 30 -40 කට කලින් ඕව පාරවල් නෙමේ , ගියපු අය දන්නවා ඇති ඒ කාලේ තත්වය
ජනතා අයිතියට දෙන්න දෙයක් නෑ. මේවා කොහොමත් ජනතාවට අයිති දේවල්. ඒත් දැන් ණය නිසා වෙන රටක ජනතාවට අයිති වෙයිද දන්නේ නැහැ.
ජල නල එලන්න, කඩන්න අදහසක් නැද්ද?