
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් ප්‍රේමතිලක)
පුද්ගලයන් 6 දෙනකු ගමන් ගත් ත්‍රීරෝද රථයක් හොරණ මතුගම මාර්ගයේ වෙල්ගම දවටගහවත්ත හංදිය පෙරළී යාමෙන් එක් අයකු මියගොස් වයස අවුරුදු 2 ක කුඩා දැරියක් ඇතුළු පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බෙන්තොට කෝමිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ අනුර සමන්ත ගුණවර්ධන 46 යන අයයි.
තී රෝද රථයේ රියදුරු හැරෙන්නට පිටුපස අසුනේ කුඩා දැරිය සමග වැඩිහිටි පුද්ගලයන් සිව් දෙනකු ගමන් කර ඇතැයි පොලිසිය කියයි.
ත්‍රීරෝද රථය පෙරලී වට තුනක් කැරකී අනතුරුව මීටර් 14 ක් ඉදිරියට ඇදී ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් කානුවට වැටි නතර වී තිබූ බව විමර්ශන සිදුකළ පොලිස් නිළධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd