
(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)
දුම්රිය ස්ථානාධිපතිවරු තෙල් ප්‍රවාහන රාජකාරිවලින් ඉවත්වීමෙන් මේ දක්වා තෙල් දුම්රිය ගමන් වාර හතරක් අවලංගු කිරීමට සිදුවූ බවත් එයින් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල මූල්‍ය පාඩුවක් වූ බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (28) පස්වරුවේ පැවසීය.
කොළඹ සිට මඩකළපුව, අනුරාධපුර, පේරාදෙණිය සහ ගාල්ල යන ගමනාන්නතයන් දක්වා ධාවනය වීමට නියමිතව තිබූ තෙල් දුම්රිය හතරක් අවංගු කළ බව කී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ඉන්ධන සැපයුමෙන් සියයට 30 ත් 40 ත් අතරඑ ප්‍රමාණයක් ප්‍රවාහනය කරන බව ද සඟන් කළේය.
සීදුව සිට ත්‍රිකුණාමලය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රිය සහ කන්ටේනර් ප්‍රවාහන දුම්රිය ද වර්ජනය හේතුවෙන් අවලංගු කිරීමට සිදුවූ බව ද ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට විරුද්ධව කරන කුමන්ත්රණයේ තව කොටසක්...