අල්ලසට හිත ගිය සුරාබදු දෙන්නා වසර 28කට හිරේ
හෙරොයින් ලඟ තබාගෙන සිටියදි අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකුට නීතිය ලිහිල්ව ක්රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ 1 1/2ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරුවන් වු සුරාබදු නියාමකවරු දෙදෙනකුට වසර 28 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් 20,000/- බැගින් දඩද අද (23) නියම කළේය.