
(මනෝප්‍රිය ගුණසේකර)
ආබාධිත සිසුන්ට අධ්‍යයන කටයුතු කිරීමට හැකිවන ආකාරයේ අධ්‍යයන ප්‍රතිපත්තියක් සකස් කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා තාක්ෂණ උපාධිය හැදෑරීමට අවස්ථාව අහිම කළැයි කියන ආබාධිත ශිෂ්‍යයකු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.
තමන්ට තාක්ෂණ උපාධිය හැදෑරීමට අවස්ථාව සළසා දෙන්නැයි ඉල්ලා ආබාධිත තත්වයෙන් පෙලෙන ශිෂ්‍යයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම පිළිබඳ කරුණු ලබන වසරේ පෙබරවාරි 24 වැනිදා තහවුරු කරන ලෙස අද නියෝග කළේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශීරාන් ගුණරත්න මහත්වරුන්ගේන් සමන්විත විනිසුරු මඩලක් හමුවෙ පෙත්සම සලකා බැලීණි.
බණ්ඩාරවෙල මනුජය අත්තනායක ශිෂ්‍යයා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම නම් කර ඇත.
බණ්ඩාරවල ධර්මපාල විද්‍යාලයේ තාක්ෂණ විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සුදුසුකම් ලැබූ ආබාධිත ශිෂ්‍යයකු වන තමන් 2024/2025 වර්ෂය සඳහා තාක්ෂණ උපාධිය හැදෑරීමට අයදුම් පතක් ඉදිරිපත් කළ නමුත් ආබාධිත ශිෂ්‍යයන්ගේ කාණ්ඩය යටතේ උපාධිය හැදෑරීමට ප්‍රතිපාදන නොමැති බව සඳහන් කරමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තමන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව සඳහන් කරන ආබාධිත ශිෂ්‍යයා ඉන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද කියා සිටි. එහෙයින් තම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නැයිද තම මූලික අයිතිවාසිකම් කඩවි ඇති බවට ප්‍රකාශ කරන්නැයිද තාක්ෂණ උපාධිය හැදෑරීමට තමන්ට අවස්ථාව දෙන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කාර ශිෂ්‍යයා තමන් වැනි ආබාධිත සිසුන්ට අධ්‍යයන කටයුතු කිරීමට හැකිවන ආකාරයේ අධ්‍යයන ප්‍රතිපත්තියක් සකස් කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා සිටී.
පෙත්සම්කාර ආබාධිත ශිෂ්‍යයා වෙනුවෙන් නීතීඥවරුන් වන රුවිනි ගොඩගම සහ ආදිත්‍ය කරලියද්ද යන මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙනී සිටියේය” වගඋත්තරකරුවන් වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ සුරේකා අහමඩ් මහත්මිය පෙනී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඇත්තටම ජාතියක අඳුරු කතාවක්. අපිට ඇමතිවරු, මහාචාර්යවරු, UGC, උසස් අධ්‍යාපන, අධ්‍යාපනඥයෝ ඉන්නවා, නමුත් ඔවුන් ගෙනියන්නේ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් විතරයි.
මම දන්නා ශිෂ්‍යයෙක් ඉන්නවා ඔය විදියටම ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප වුනු. ඒ ශිෂ්‍යයා පදිංචි දිස්ත්‍රික්කය නැතිව නුවරඑළිය දිස්ත්‍රික්කය සලකා බැලුවා නම් වෛද්‍යය විද්‍යා පීඨයට සාමාන්‍ය ක්‍රමය යටතේ යන්න තිබුනා. එත් පදිංචි දිස්තික්කයේ අධික ඉල්ලුම නිසා සාමාන්‍ය විද්‍යා පාඨමාලාවක් වත් ලැබුනේ නැහැ. ආබාධිත සිසුව්ක් විදියට ලැබෙන කෝටාවෙන් යන්න අයදුම් පත්‍රයක් දමුවා කියුවා, එයත් ප්‍රතික්ෂේප වී තිබුනා. මේ 2000 මුල් කාලේ, ඒ කාලේ දැන් වගේ පාඨමාලා රාශියක් අවස්තාවන් තිබුනේ නැහැ.