
(මනෝප්‍රිය ගුණසේකර)
වසර 10ක කාලයක් තුළ සිය නීතී්‍යානුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝම්බර් 22 වැනිදා සිට පැවැත්වීීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය අද (17) නියම කළාය.
නඩුව සම්බන්ධයෙන් නිසි අධ්‍යනයක් කිරීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු බව කියමින් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරිය එලෙස නියම කළාය.
2009 ජනවාරි මස පළමුවැනිදාත් 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ අමාත්‍ය වරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායමට වඩා රුපියල් මිලියන 75 කට අධික මුදල් සහ වත්කම් උපයා ගත් බවට යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට මහතාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.
ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනතේ විග්‍රහ කෙරෙන ‘දුෂණය’ නමින් හඳුන්වන අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කොට ඇති බවද අල්ලස් කොමිසම දැනුම් දී ඇත.
නඩුව කැඳවු අවස්ථාවේදී පැමිණිලිකාර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා කරුණු දක්වමින් නඩුවට අදාළව විත්තියට ලබා දියයුතු සියලු ලේඛන මේ වන විට ලබාදී අවසන් බවත් විත්තිකරු අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ පාර්ලිමේන්තුවෙන් ඔහුට ගෙවු වැටුප් හා දීමනා පිළිබඳ වාර්තාවක් අල්ලස් කොමිසම වෙත යොමු කර ඇති හෙයින් එම වාර්තාව සම්බන්ධයෙන් සාක්කි මෙහෙයවීමට තමන් අපේක්‍ෂා කරන බවත් කීය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විනිසුරුවරිය අදාල කාල සීමාවේ නිල වශයෙන් විත්තිකරුට වැටුප් හා දීමනා ලැබී ඇති හෙයින් ඒ පිළිබඳ සාක්කි මේ අවස්ථාවේ මෙහෙයවීමට අවශ්‍යතාවක් නැතැයි පෙන්වා දුන්නාය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා කරුණු දක්වමින් නඩුව සම්බන්ධයෙන් නිසි අධ්‍යනයක් කිරීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු හෙයින් වැඩිදුර විභාගය වෙනත් දිනයකට යොමු කරන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් 22 වැනිදාට කල් තැබු විනිසුරුවරිය සිතාසි ලැබුණහොත් අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්කිකරුවන්ට අවවාද කළාය.
2025 ඔක්තෝබර් මස 08
1880
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විමල්ට එරෙහි නඩුවකට දින දෙයි
fairoos Wednesday, 17 September 2025 07:01 PM
මේ වගේ කාලකන්නි තමයි රට කෑවේ.