විලියම් කුමරුන්ගේ වැඩසටහනට ලංකාවත්
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ රාජකීය ‘යුනයිටඩ් ෆෝ වයිල්ඩ්ලයිෆ්’ පදනම එක් වී, නිෂ්පාදනය කළ ‘ගාඩියන්ස්’ (සොබදහමේ ආරක්ෂකයන්) නමැති කථාංග හයකින් යුත් රූපවාහිනී වාර්තා වැඩසටහන් මාලාව මේ වනවිට විකාශය ආරම්භ කර ඇත. මෙම වාර්තා වැඩසටහන් මාලාවට, ශ්‍රී ලංකාව පාදක කරගත් කතංගයක් ද ඇතුළත් වීම විශේෂත්වයකි.