
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින වියලි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තා ගත ලුණු අස්වැන්නක් ලැබි ඇතැයි පුත්තලම ලුණු නිෂ්පාදකයෝ පවසති.
මෙතරම් ලුණු අස්වැන්නක් ලැබුණේ වසර පහකට පසු බව කියයි.
මේ වන විට මෙට්‍රික් ටොන් ලක්ෂය ඉක්මවිය හැකි මට්ටමක පවතින බව ලුණු වගාකරුවෝ පවසති.
පසුගිය වසර ගනනාවක නොකඩවා ඇද හැළුන මහ වැසි සමග පුත්තලම ලුණු නිෂ්පාදනය සම්පුර්ණයෙන් නැවති ගොස් ලුණු ලේවායන් වැසි ජලයෙන් යටවි කර්මාන්තය අඩාල විය.
ඒ හේතුව නිසාම රටේ ලණු පරිභෝජකවට අවශ්‍ය ලුණු තොග ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් ආනයනය කිරීමට රජය කටයුතු කර තිබුණේ ලුණු හිගයට පිළියම් ලෙසිනි.
ශ්‍රි ලංකාවේ සමස්ථ ලුණු අව්‍යශතාවය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අසුදහසකට ආසන්න වෙයි.එය ආහාර හා අනිකුත් නිෂ්පාදන සදහා අවශ්‍ය ප්‍රමානයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුනු කුඩු ග්‍රැම් 400 තවම රුපියල් 100 යි ලුනු කිලෝ එකක් රුපියල් 80 ට අඩුකරන්න
පසුගිය කාලේ කන්න ලුණුවත් නෑ කියලා වැලලිච්ච එවුන්ට ලුණු නැතිවෙන්න හේතුව මේ පුවතින් පැහැදිළි කරලා තියෙනවා. ලුණු අස්වැන්න වැඩිවෙලා තියෙන වෙලාවේ දැන් ඇතිවෙන්න ලුණු කාපල්ලා. ඊට පස්සේ පෙෂර් එකට, වකුගඩු අමාරුවලට බෙහෙත් නෑ කියලා වැලලියල්ලා
එහෙනම් වෙළඳපොළ හිඟයක් නැතිව ලංකාවේ ලුනු තියන්න ඕන නේද? පහුගිය කාලේ ප්‍රවෘත්තියක් පල වුණා නේද ලුනු කන්ටේනර් 100 කට වැඩි ප්‍රමාණයක් රේගුවේ තියනවා කියලා තාමත් ඒවා එතනමයි නේද?
හොඳයි, දැන් ඉක්මනින් බෙදාහැරීම් කරලා මිනිස්සුන්ට සහනයක් දෙන්න කටයුතු කරන්න. කරුණාකරලා . ස්තුතියි
පසුගිය කාල වල වැස්ස නැ කියලා විදුලිය කැපුවෙ වෙන රටකද? පරන හොරැ නැ වගේ දැන්.