
(සුනිල් එස්.තන්ත්රිආරච්චි)
කාර්යාල දුම්රිය මගීන්ගෙන් පැමිණිලි එනවා. වැස්සොත් ජනෙල් වහන්න බැහැ. ජනෙල් වැහුවොත් දාඩිය දානවා. ෆෑන් කැඩිලා. වැසිකිලියට යන්න බැහැ. වතුර නැහැ. මේවා හිර ගෙවල් වගේ. මාසයක් ඇතුලත මේවා හදන්න බැරි නම් ගෙදර යන්න. මේ අවසාන අවවාදය " යැයි ප්‍රවාහන ,මහාමාර්ග ,වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් අමතා කියා සිටියේය .
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති කළුතර දිස්ත්‍රික් මහා මාර්ග සහ ප්‍රවාහන කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීය .
දුම්රියක ජනේලයක් අතට වැටිලා ජීවිතයේ පළමු දුම්රිය ගමන ගිය ජාඇල ,සීදූව පැත්තේ අවුරුදු 07 ක දරුවෙකුගේ ඇඟිලි දෙකක් තැළුණා. ඒ තාත්තා මගෙන් ඇහුවේ " අපි මේ රටේ ඉපදුනේ මොකටද කියලා.මම මේවාට ජනතාවගෙන් සමාව ඉල්ලලා සීමාවක් නැහැ .
මේවා කරන්න සල්ලි ඕන තරම් දීලා තියෙනවා. ස්වේච්ඡාවෙන් වැඩ කරන්න මිනිස්සු දෙන්නම් කියල මාර්තුවල ඉඳල කියනවා .මාසයක් ඇතුලත කුමන හෝ වර්ධනයක් පෙන්වන්න.ඒ කරන්න යන්නේ කුමක්ද කියල දින තුනක් ඇතුලත මගේ වට්ස් ඇප් එකට කෙලින්ම පණිවිඩයක් එවන්න ඕන.බැරි නම් අස් වෙලා යන්න.මේවා නොකළොත් මම දුම්රිය මගීන් එක්ක රත්මලානට එවනවා.
තිබුණු ආණ්ඩු කරපු වැරදි තිබෙනවා . නිලධාරීන් බඳවාගෙන නැහැ .සල්ලි දීලා නැහැ .දැන් ඒ සේරම වෙනස් කරගෙන යනවා .දුම් රිය දෙපාර්තමේන්තුව 1% වත් ප්‍රගතියක් පෙන්වලා නැහැ .දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ රුපියල් මිලියන 3700 ක් වෙනත් දෙපාර්තමේන්තුවලට යවන්න සිදු වුණා.


2025 ඔක්තෝබර් මස 08
1909
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමැති දුම්රිය ලොක්කන්ට මසක් කල් දෙයි
Pradeep Kumara Thursday, 18 September 2025 12:49 PM
විශිෂ්ඨයි ඇමතිතුමනි, ජනතාව වෙනුවෙන් පෙනී සිටියාට ඔබට අපගේ ආචාරය.
saman Thursday, 18 September 2025 04:40 PM
ජෙවිපි වෘත්තීය සමිති පසුගිය රජයනට එරෙහිව කටයුතු කලා මිස දුම්රිය දෙපාර්තමේන්තුවේ අඩුපාඩු පිලිබදව සහ දුම්රිය දෙපාර්තමේන්තුව දියුණු කරන්නේ කෙසේද කියා උත්ගොසන හෝ ඉල්ලීම් සිදුකර නැත
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 18 September 2025 01:30 PM
පසුගිය රජයන් දේශපාලන හිතවත්කම් මත බඳවාගත් රජයේ සේවකයෝත් එක්ක මේ රට කවමදාකවත් දියුණු කරන්න බෑ. උණුත් අපි ජෝඩුව වාගේම බත්කන හරක් විතරමයි. රටේ ජනතාවගේ බදු මුදල් වලින් උන්ට ගෙවන වැටුප් සහ දීමන ඔක්කොම පිං පඩි විතරමයි.
saminda Thursday, 18 September 2025 01:46 PM
අපි දන්න කාලේ ඉදලාම ඔය දෙපාර්තමේන්තුවේ වේලාවකට වැඩ කරන්නේ නැති එයාලාගේ වේලාවට අපි යන්න ඕන කියලා හිතන පිරිසක් ඉන්න තැනක්
ප්‍රියා Thursday, 18 September 2025 01:50 PM
දුකයි .... ඒත් ඇත්තයි.
Hasith Thursday, 18 September 2025 02:31 PM
මේවා වෙනස් කිරීම ලේසි නෑ.. නිකන් ඉදන් පඩි ගන්න පිං බත් ගිලින්නෝ හෙට අනිද්දා වර්ජනය කරන්න පටන් ගනීවි.මේ අවස්ථාවේ දී දුම්රිය මගීන් ඇමැතිතුමා සමඟ සිට ගත යුතුමයි. හොදින් හෝ නරකින් මේ කාලකණ්නි ක්‍රමය වෙනස් කළ යුතුමය. මැත්නම් අපේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ටත් බදු ගෙවමින් පින් බත් ගිලින්නන්ට සැප දෙමින් හූල්ලන්න තමා වෙන්නෙ
shanikaFriday, 19 September 2025 07:03 AM
හසිත් ඔය කියන වර්තමාන ඇමතිතුමාලම තමයි 2024 සැප්තැම්බර් මාසෙට කලින් නිකම් ඉඳලා පින් බත් ගිලින මාන්සිකත්වය ඇති කරමින් සේවකයන්ට පින් බත් ගිලින්න පුරුදු කරේ. මතක නැද්ද ලාල් කාන්ත රට පුරා වැඩවර්ජන කරවපු හැටිත් ලක්ෂ්මන් නිපුනආරච්චි වරායේ වැඩවර්ජන ගෙනිච්ච හැටිත්. දැන් ඔයා කියන්නේ ඒගොල්ලන්ට ඇමතිකම් ලැබෙනකම් වර්ජනය කරපු අයව අස් කරන්න කියලද.
ගුණරත්න Thursday, 18 September 2025 03:05 PM
මේ ඇමතියා ජීවිතේට කෝච්චියක ගිහින් නැහැ කියල මට සහතික කරන්න පුළුවන්. අර ෂෝ ඒකට ගියපු ඒවා නෙවේ. ඇත්තට සැබෑ ජීවිතේ කෝච්චියක ගිහින් වැඩ කටයුතු කරගන්න මිනිස්සු දන්නවා අමාරුව. ජනෙල් වහලා නෙවෙයි ඇරලා තිබ්බත් රස්නෙයි. ෆෑන් වැඩ නොකරන්නේ යාඩ් වලදී කුඩ්ඩො ඒවා ගලවන නිසා. ෆෑන් දැම්මත් රස්නේ කිසිම අඩුවක් නැහැ. සෙනග පිරුණ කෝච්චියක. එත් ඒවා නෙවෙයි අපිට තියෙන ප්රශ්නය, වෙලාවට කෝච්චි දුවන්නේ නැති එක, නිතොර පීලි පනින එක. මොකක් හරි වැදගත් වැඩක් යොදාගෙන කෝච්චියක යද්දී පීලි පැනලා පැය ගානක් දුම්රිය ධාවනය නතර වෙන එක, ඒක නිසා පාර හරියට හදා කුඩ්ඩන්ට ඇන ගලවාගන යන්න නොදී හොඳින් ආරක්ෂා කරන්න. පස්සේ සැප පහසුවට යන වැඩේ හදාගන්න පුළුවන්.
අරවින්ද මොණරවිල Thursday, 18 September 2025 07:39 PM
ගුණේ අයියලා තවම පරන මෝඩ කතා කිය කියා ආතල් ගන්නවා, ඇමති කෝච්චියේ ගිහිල්ලා තියෙනවාද නැද්ද කියන එක මෙතනට අදාලම නැහැ නේද ? ජීවිතයට කෝච්චියේ නොගිය ඇමති කෙනෙක් උනත් කරන්න යන වැඩේ අගය බොරු විවේචන කරන්න එපා ! මුලින්ම රේල් පාර හදලා ඊට පස්සේ කෝච්චියේ එංජිම හදලා ඊටත් පස්සේ ජනෙල් හදලා ඊටත් පස්සේ වැසිකිළි හදලා අන්තීමට ෆෑන් හයි කරන්න හිටියොත් කවදාවත් දුම්රිය සේවය ගොඩ දාන්න බැරි වෙනවා, ඒ නිසා ඔක්කොම එක පාරට පටන් අරගෙන හැකි ඉක්මනින් ඉවර කරන්න ඕනා. ආණ්ඩුව සල්ලි තියෙනවා හොරකම් නොකරන නිසා, රටේ රැකියා නැතිව ලතවෙන තරුණ පරම්පරාවක් ඉන්නවා.අවශ්‍ය කරන බඩු ඇණවුම් කරලා වැඩේ පටන් ගන්න විතරයි තියෙන්නේ. ඒක කරන්න බැරි අය ගෙදරම තමයි යවන්න වෙන්නේ.
ගුණරත්නFriday, 19 September 2025 12:00 AM
අපි හැමදාම කෝච්චියේ යන මිනිස්සු මහත්තයා, ඒක නිසා අපි දන්නවා වෙන්න ඕන මොකක්ද කියල, ඔය මහත්තයා කියන වැඩේ කරන්න නම් ලංකාවේ පොළොවෙන් තෙල් උනන්න ඕන.
sugath Thursday, 18 September 2025 03:21 PM
ඇත්තටම දැන් හිතෙනවා එන්පිපි ආණ්ඩුවක් ආවේ හොඳ වෙලාවට කියලා. නැත්නම් ඔහොම කිව්වත් ඇති මුන්ට වර්ජන කරවන්න සහ කරන්න.
Nelu Friday, 19 September 2025 02:59 AM
මටත් ගොඩක් වෙලාවට හිතෙනවා මාලිමා ආණ්ඩුවක් ආව එක හොඳයි කියලා ඒ අයටම වර්ජනවල ප්‍රතිඵල තේරෙන්න. දැන් මෙතන කපුරුහාමිලා අරවින්ද මොණරවිල බනින්නේ මේ දවස්වල වර්ජන කරන අයට. නමුත් පහුගිය අවුරුදු 40ක් වත් තිස්සේ හැරෙන හැරෙන අතට වර්ජන මෙහෙයවෙව්වේ වර්තමාන පාර්ලිමේන්තුවේ ඇමතිවරුන්මනේ. ඒ අය රාජ්‍ය සේවකයන්ගේ මනස වැඩ වර්ජනයෙන්ම නිකං ඉන්න සහ අයිතිවාසිකම් දියව් කියන තැනට විතරක් ගෙනාවා. අනික් පක්ෂවල වෘත්තීය සමිති වුනත් එහෙම තමයි නමුත් ජේවීපී එක පොදු දේපල කඩලා බිඳලා ගිනිතියන මානසිකත්වයට අපේ රට ගේන්න මුල්වුණා ඒ අයට බලය ලැබෙනකම්ම. දැන් අද බලය ගත්තු නිසා උඩ ඉන්න අයට වර්ජන අනවශ්‍යයි වගේම ඒවායේ පල විපාක තේරෙනවා.
sene Thursday, 18 September 2025 03:34 PM
ඕක නගා සිටුවීමට විශාල මුදල් ප්‍රමාණයක් උවමනාවේ ඔය පරණ මැදිරි රේල් පාරවල් සියලු දේ සම්පූර්ණයෙන් වෙනස් විය යුතු වේ . දැන් මොර දුන්නාට නගරයේ සැහැල්ලු දුම්රියට කොලේ මොකක්ද ? 88/89 ගිනි තැබුව ප්‍රමාණය මතකද ? ඒවාට සමාව ? රට විනාසෙට යවල දැන් කතා ?
අරවින්ද මොණරවිල Thursday, 18 September 2025 03:36 PM
දුම්රිය හා බස්රිය වගේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නේ සාමාන්‍ය ජනතාව හෙවත් නිර්ප්‍රභුන් නිසා ඔය ආයාතන සංවර්ධන කරන්න නගා සිටුවන්න හැත්තෑ හතෙන් පසුව බලයට ආව පාලකයන්ට කිසිදු උවමනාවන් හෝ කැමැත්තක් තිබුණේ නැහැ. එනිසා ඒවායේ සේවයේ යෙදී සිටින ඉහළ නිලධාරීයාගේ සිට පහළ සුළු සේවකයා දක්වා අතිමහත් බහුතරයක් දේශපාලන පත්වීම් ලද, පුරුද්දට වැඩට ඇවිල්ලා දවස ගෙවලා යන්න ලැහැස්ති වෙලා හිටියා මිසක රට වෙනුවෙන් ආයතනය වෙනුවෙන් තියා තමන් වෙනුවෙන්වත් යමක් කරන්න උත්සාහ කෙරුව පිරිසක් නොවෙයි. එනිසා ඔවුන්ට අයත් කාර්යයන් සඳහා යොඳන්න ඇමතිවරයාට විශාල මහන්සියක් බරක් දරන්න වෙනවා ඇත.
NilanthaThursday, 18 September 2025 04:37 PM
මේකා කියන්නෙ හරි කතාවක්නේ ඔහු ඉස්සර ගොට්ට අල්ලපු 77 ට පෙර තිබුණු සමගි පෙරමුණේ ආණ්ඩුවෙ අය කැළණිවැලි දුම්රිය මාර්ගය වසා දැම්මේ 1977 ට පෙර කියල නොදන්නා පාට් දානවා 1977 වනවිට පොදු ප්‍රවාහනය ඉතාම දුර්වලයි 77 ආණ්ඩුව තමයි වර්තමාන්යේ පවතින පුද්ගලික බස් සේවය ආරම්භ කලෙත් එහෙම තියෙද්දි කන්න ඕන වුනාම කබරගොයා තලගොයා වෙනව වගේ තමයි මොහු කියවෙන්නෙ
fairoos Thursday, 18 September 2025 04:13 PM
අනිවාර්යෙන්ම ඔහොම තමයි තීන්දු තීරණ ගන්න ඕනේ.
කපුරුහාමි Thursday, 18 September 2025 04:14 PM
පහුගිය ආණ්ඩු කාලේ ඇමතිවරු කී දෙනෙක් හිටියද, හොරා කාලා බඩවඩා ගන්ඩ හැදුවා මිසක් දුම්රිය ඵලදායී සේවයක් කරන්ඩ මොනවද කෙරුවේ. වර්ජන කරපු එක නම් දැක්කා.
sanath Thursday, 18 September 2025 05:38 PM
කොට කොටා යන බස් හරි කරදරයක්, ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ කිලෝමීටර 14 පමණ දුරක් යන්න බස්රථය පැයක් පමණ ගත කරනවා , කොට කොටා යන්නේ පුලුවන්නම් මේකට විසදුමක් දෙන්න ඇමතිතුමනි , වැඩට යන එන මගේ ජිවිතෙන් දවසකට පැයකට අධික කාලයක් හැමදාම නිකරුනේ රස්තියාදු වෙනවා ,
Asela Thursday, 18 September 2025 06:17 PM
එක් අවස්ථාවක බන්දුලට වර්ජනවල නියැලී සිටින අය ඉවත් කිරීමට අවසාන නිවේදනයක් නිකුත් කිරීමට ධෛර්යයක් තිබූ අතර වර්ජනය නතර කරන ලදී. බිමල් ඇමතිවරයා කතා කරන්නේ ඔහු ඊයේ ඉපදුණාක් මෙනි. කෙසේ වෙතත්, රජයේ මුදල් නාස්ති කිරීම වෙනුවට, 51-49 රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයෙන් මෙය පෞද්ගලීකරණය කළ යුතුය. එවිට, කාර්යක්ෂම සේවාවක් ලැබෙනු ඇත. එසේ නොමැති නම්, මෙම රජය ගිය විට ඔවුන් එම පැරණි ක්‍රමයටම යොමු වනු ඇත.
SuddaFriday, 19 September 2025 08:56 AM
බන්දුල ගුනවර්ධන ප්‍රවාහන ඇමති ලෙස වර්ජන නවත්වා වැඩ කරවන්න උත්සාහ කරත් ඔහුට දිගටම හරහට හිටියේ එකල විපක්ෂයේ ප්‍රධාන වැඩ වර්ජන සංවිධායකවරු ලෙස කටයුතු කල ජේවීපී හෙවත් මාලිමා පිරිසමය. වැඩ කරන්න නොදීම ඔවුන්ගේ ප්‍රධානම අරමුන විය. අද මෙතන මාලිමා රෙදි හෝදන බහුතරයට ඔය ටික අමතකවීමට බැරිය. නමුත් ඔවුන්ට අවශ්‍යවන්නේ ඒ පරන වැඩ වර්ජන ගැන මිනිසුන්ට අමතක කරවන එකය.
Nandana Thursday, 18 September 2025 07:11 PM
තීරණය හොඳයි ඒත් සේවකයන්ව දෙකේ කොලේට දාලා කතා කරන්න එපා.
Kamal Friday, 19 September 2025 03:05 AM
බලයට ආවේ ඔය කියන රාජ්‍ය සේවකයන්ගේ ඡන්දයෙන් කියන එක අද මේ ඇමතිලාට මතකත් නෑ වැඩකුත් නෑ. ඒ කාලේ ස්ට්‍රයික් කරනවා මිසක් වැඩක් කරේ නෑ. අන්න ඒක නිසයි ඔය විදිහට වැඩ නොකර ඉඳීමේ කලාව රජයේ සේවකයාගේ ඇඟට කාවැදුනේ. ඇමතිලාට ඒවා දැන් මතක නෑ. රජ්ජුරුවෝ උඩයි උඩයි ගොළු බෙල්ලෝ බිමයි බිමයි කියනවා.
Ranjith Dissanayake Thursday, 18 September 2025 07:35 PM
මෙවැනි ඇමතිවරු තමයි අපේ රටට අවශ්‍ය. බහුතර රජයේ කියාගත්ත උදවිය කරන්නේ පඩිය අරගන්නේ නෑ. බෑැැැ කිය කියා එලුවෝ ටික වගේ ජනතා බදුවලින් ජීවත්වෙන එක.
ජයන්ත Thursday, 18 September 2025 08:06 PM
ඉස්සර ගෝටා සර් ඔය විදියට කතා කළා. rMV එකේ අයට මහ බැංකුවේ අයට සහ හාල් වෙළෙන්දන්ට පස්සේ ගෝටා පැනලා ගියා. නිලදාරින් හිටියා.
H.T.Kusumapala Friday, 19 September 2025 03:44 AM
ඔබ වැනි ප්‍රවාහන අමාත්‍යවරයෙකු ගැන මම හරිම ආඩම්බර වෙනවා. අපි බදු ගෙවනවා, බදු ගෙවනවා, සේවකයින්ට වැටුප්ත් ගෙවනවා. ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ උපරිම සහයෝගය අපට ලැබිය යුතු අතර තවදුරටත් නිදහසට කරුණු වලට සවන් දීමට අපි සූදානම් නැහැ.
Nishan Friday, 19 September 2025 03:58 AM
වීරයෝ වගේ ප්‍රකාශ නිකුත් කලාට වැඩක් නෑ දුම්රිය දුවන්නේ පාඩු පිට. ඒක ලාභ කරන්න නම් ටිකට් එකේ ගාන දෙගුණේටත් වඩා වැඩි කරන්න වෙනවා. අවශ්‍ය එන්ජින් ප්‍රමාණෙන් බාගයක්වත් නෑ. මැදිරි හිඟයත් එහෙමයි. පීලි සහ සිල්පර ගොඩක් පරණයි. දුම්රිය පීලිපැනීම් වැඩි ඒ නිසයි. මැදිරි සහ දුම්රිය ස්ථාන නඩත්තුවට අවශ්‍ය සම්පත් අමතර කොටස් ගන්න සල්ලි නෑ. ඒ මුදල් රුපියල් බිලියන 50 ක් වත් දුන්නොත් යන්තම් ඔය කියන නඩත්තු ටික කරගන්න පුළුවන්. ඒත් එන්ජින් සහ මැදිරි ගන්න නම් ඒ ගාණත් හොඳටම මදියි. මෙතන කයිවාරු කොමන්ට්ස් දාපු අය දුමිරිය නඩත්තුවට වැයවෙන මුදල ගැන දන්නේ නෑ.
Nishan Friday, 19 September 2025 06:00 AM
වීරයෝ වගේ ප්‍රකාශ නිකුත් කලාට වැඩක් නෑ දුම්රිය දුවන්නේ පාඩු පිට. ඒක ලාභ කරන්න නම් ටිකට් එකේ ගාන දෙගුණේටත් වඩා වැඩි කරන්න වෙනවා. අවශ්‍ය එන්ජින් ප්‍රමාණෙන් බාගයක්වත් නෑ. මැදිරි හිඟයත් එහෙමයි. පීලි සහ සිල්පර ගොඩක් පරණයි. දුම්රිය පීලිපැනීම් වැඩි ඒ නිසයි. මැදිරි සහ දුම්රිය ස්ථාන නඩත්තුවට අවශ්‍ය සම්පත් අමතර කොටස් ගන්න සල්ලි නෑ. ඒ මුදල් රුපියල් බිලියන 50 ක් වත් දුන්නොත් යන්තම් ඔය කියන නඩත්තු ටික කරගන්න පුළුවන්. ඒත් එන්ජින් සහ මැදිරි ගන්න නම් ඒ ගාණත් හොඳටම මදියි. මෙතන කයිවාරු කොමන්ට්ස් දාපු අය දුමිරිය නඩත්තුවට වැයවෙන මුදල ගැන දන්නේ නෑ.
Chandana Friday, 19 September 2025 11:04 AM
මට අර ගුණයගේ බිරිල්ල උහුලන්න බෑ. ඔවුන්ගේ වටේ තව බල්ලෝ ටිකක් ඉන්නවා.