
(යොහාන් භාසුර)
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර වංචාව පිළිබඳව විමර්ශන කළ යුතු ආයතනය පරීක්‍ෂණ ප්‍රමාද කිරීම සැකසහිත බව වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.
එම සිද්ධීන් සම්බන්ධයෙන් කළ පැමිණිවල ප්‍රගතිය විමසා බැලීම සඳහා වෘත්තිය හා සිවිල් සංවිධාන නියෝජිතයන් අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී වෛද්‍ය චමල් සංජීව මහතා එසේ පැවසීය.
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සම්බන්ධයෙන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී වී ඇතැයි කියන ප්‍රසංපාදන අක්‍රමිකතා සම්බන්ධයෙන් මීට පෙර පැමිණි කළ ද වර්තමාන ආණ්ඩුව යටතේ ද විමර්ශන ක්‍රියාත්මක නොවන බව ඒ මහතා කීය.
එකම අන්තර්ජාල සේවා සපයන සමාගමක් කළ වංචා ක්‍රියා දෙකක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කළ ද නව රජය යටතේ ද කිසිදු විමර්ශනයක් නොවීම කණගාටුවට කරුණක් බව ද කී වෛද්‍ය චමල් සංජීව මහතා තෝරාගත් එක් සමාගමකට පමණක් නිසි ප්‍රසම්පාදන යාන්ත්‍රණයන්ට පටහැනි අන්දමට සහ රටේ පැවති උද්ධමන අනුපාතයන් නොසළකා ඉහළ මිල ගණන්වලට පාස්පෝට් මුද්‍රණය කිරීම සඳහා අදාල ටෙන්ඩරය දී ඇති බව ද සඳහන් කළේය.
2003 වසරේ සිට මේ දක්වා වසර 22කට ආසන්න කාලයක් මෙම අක්‍රමිකතාව අඛණ්ඩව සිදුවී ඇති බවත් අදාළ පාලන කාලවලදී ආගමන විගමන දෙපාර්තමේන්තුව බාරව සිටි සියලුම අමාත්‍යවරු සහ කොමසාරිස් ජෙනරාල්වරු මෙම චෝදනාව සම්බන්ධයෙන් වගකිවයුතු බවත් ඔහු සඳහන් කළේය.
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළත් එම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බවත් අදාල අධිකරණමය කටයුත්ත නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යළි යොමු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු යුතු බවත් වෛද්‍ය චමල් සංජීව මහතා වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එන්.එම්.ආර්. දත්ත - පාස්පෝට් වංචා ගැන විමර්ශන ප්‍රමාදයි