
(නිමල කොඩිතුවක්කු)
වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත්කිරීමෙන් මාලිමා රජයේ මැති ඇමතිවරුන්ගේ සැබෑ ජනතා ප්‍රේමය පාක්ෂිකයන්ට සහ ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව උදා වූ බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.
2023 පහුගිය රජය විසින් සම්මත කරන ලද දූෂණ විරෝධී පනත හේතුවෙන් මාලිමා රජයේ මැති ඇමතිවරුන්ගේ වත්කම් ප්‍රමාණය රටට හෙළි වූ බවත් ඔහු සඳහන් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ(18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා තවදුරටත් මෙසේද කීවේය.
“ඔවුන් නිසා තමයි වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත්කරන්නේ කියලා මාලිමා රජයේ ඇමතිවරයෙක් ප්‍රකාශ කර සිටිනවා. එය සම්පූර්ණ අසත්‍යයක්. තවම බොරු කියන එක නවත්වලා නැහැ. 2023 පහුගිය රජය විසින් සම්මත කරන ලද දූෂණ විරෝධී පනත නිසා තමයි ඒ සියලුදෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඕනම කෙනෙකුට ගන්න පුළුවන් ආකාරයට විවෘත කර තිබෙන්නේ. එය මේ ආණ්ඩුවෙන් කළ දෙයක් නොවේ, පහුගිය ආණ්ඩුව කාලයේ සිදුවූ දෙයක්.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාලිමා මැති ඇමති වත්කම් ප්‍රසිද්ධ කිරීමෙන් සැබෑ ජනතා ප්‍රේමය දැකගත හැකි
Nandalal DE SILVA - France Thursday, 18 September 2025 09:58 PM
අනේ පව්...කයිය නොගහ ඉන්නවා හලෝ ... ඔය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළා කියන හැම බයියාම ඇත්ත කිව්වාද කියා කොණ්ඩය බැඳපු චීනෙක් තියා අද උපන් චීන දරුවෙක් වත් විශ්වාස කරන්නේ නැහැ !!! ඔය බයියො පිටරට පොදි බැඳගෙන ඉන්න මුදල්, ගොඩනැගිලි එහෙම ඔය ලිස්ට්වල අපේ ආච්චිවත්, සීයාවත් කවදාවත් දැකලා නැහැලු... ඇස් දොස්තර බලන්න කියලා මගේ නැන්දා කෙනෙක් කියනවා .... අනේ මෙහෙම හුටපට !!!
maalaka Friday, 19 September 2025 05:22 AM
ඉතින් මොකක්ද ප්‍රශ්නය? යමක් ඇති හැකි අය JVP එදත් හිටියා, අදත් ඉන්නවා. වෙනස, ඒවා ජාතික ධනයෙන් හොරකම් කරගෙන උපයා ගත් ඒවා නොවෙයි. ලොකු වශයෙන් JVP එකට සම්බන්ධ වූ උගත් පුද්ගලයන් හා ව්‍යවසායකයන්ගේ විශාල පිරිසක් ඉන්නවා . ඔවුන්ට උවමනා සදාචාරය සහ විනය සහිත සමාජයක් පමණයි.
Nishan Friday, 19 September 2025 06:07 AM
අපිට මතකයි මේ දූෂණ විරෝධී පනත සම්මත කරන වෙලාවේ මාලිමාවේ මන්ත්‍රීලා තුන් දෙනා චන්දේ නොදී පාර්ලිමේන්තුවෙන් නැගිටලා ගිය හැටි. හේතුව දැන් තමයි තේරෙන්නේ. මෙන්න අපි දූෂණ වංචා හොරකම් පිටු දකිනවා කියලා අඬබෙර ගහලා බලේට ආපු අයගේ කෙරුවාව. මේවා මේ ආණ්ඩුවට සුදු හුණු ගාන විදේශ තානාපතිලත් දැක ගත යුතුයි. තව හොඳ හොඳ ඒවා හෙලි වෙයි මෙයාලා පැරදුනු දාක.
Lucky Friday, 19 September 2025 07:25 AM
කමිනිකේෂන් ඵකක වැඩ කරපු විමලයා අද ප්‍රකෝටිපති කෙනෙක් වුනේ කොහොමද???
අරවින්ද මොණරවිල Friday, 19 September 2025 08:30 AM
පුතාලගේ නමින් බාර් ලයිසන් ගත්ත මාලිමාවේ මැති ඇමතිවරු කීදෙනෙක් ඉන්නවාද හලෝ.....
Perera Friday, 19 September 2025 09:03 AM
මුන්ට ජනතා ප්‍රේමය කොපමණ ලැබෙයිද කියලා බලන්න වත්කම් ප්‍රකාශ කලේවත් නැහැනේ.
HoruBoru Friday, 19 September 2025 09:28 AM
සියල්ලෝම කුහක සහ බොරුකාරයෝ ය.පොදු මාර්ගවල සෑම තැනකම කුණු විසි කරනවා. මෙය නවත්වන ලෙස රජයෙන් හෝ විපක්ෂයෙන් පුරවැසියන්ගෙන් ඉල්ලීමක් නැහැ. කුණු බඳුනක් නැහැ. පිරිසිදු ශ්‍රී ලංකාව clean sri lanka යනු කුමක්ද?
කපුරුහාමි Friday, 19 September 2025 01:41 PM
හිටපු දූෂිත දේසපාලුවන්ට තියෙන වත්කම් කොච්චර ද කියලා උන්වත් දන්නේ නැතුව ඇති. ඒ තරමටම උන් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් ගසාකෑවා...
wedage Friday, 19 September 2025 01:50 PM
මහින්ද මහත්මියට ගෙයක් හොයනවලු. ඔයාට බැරිද උදව් කරන්න.