
(සුජිත් හේවාජුලිගේ)
ජනතා විමුක්ති පෙරමුණේ කෝටිපති මන්ත්‍රීවරුන් මළ ගෙවල් වල ගිහින් ගමේ මිනිහගේ සල්ලි ගත්තු එක වගේම කෙසෙල් කැන කැබ් එකේ දාගෙන ආපු එක ලොකු අපරාධයක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ලොකු දේපළ තියෙද්දි ජනතාවගේ දේවලුත් මෙසේ ලබා ගැනීම වැරදි යැයිද ඔහු සඳහන් කළේය.
අවුරුදු දහයක් තිස්සේ තමන්ගේ වත්කම් ගැන පැමිණිලි කරපු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ වත්කම් සෙවීමට රටේ ජනතාවට දැන් සිදුව ඇතැයි පැවසූ රාජපක්ෂ මහතා
වැටුප පක්ෂයට නොව පාක්ෂිකයාට දෙන ක්‍රමවේදයක් සෑදිය යුතු බවද සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමා මැති ඇමතිලාගේ වාක්‍යම හොයන්න දෙයක් නෑ. එයාලම ඒවා ප්‍රකාශ කරලා තියෙනවා නීත්‍යානුකුලව . හොයන්න වෙලා තියෙන්නේ ඔහේලාගේ වත්කම් , මෙතුවක් කල් ප්‍රකාශ කරලා නැති නිසා.
තමන් හරි සුද්ධවන්තයිනේ නේද? ඔබටත් දැන් එල්ලෙන්න වැලක් නැතුවනේ ඉන්නෙ. අපිත් බලන් ඉන්නේ ලාම්පුතෙල් ගෑවිච්ච ගැරඩියාට වෙන දේත්.
ඔයාගේ හොරකම් වලින් උපයාගත් වත්කම් ලැයිස්තුව අපි දැක්කා
ඔබ ඉස්සෙල්ලාම ඔබේවත්කම් උපයාගත් ආකාරය පැහැදිලි කරන්නකෝ . ඔබේ වත්කම් එක්ක බැලුවම වසන්තගේ වත්කම් 0.001% අඩුයි.
වැටුප පක්ෂයට නොව පාක්ෂිකයන්ට" - අපි නම් එයිටත් එහා ගියා නේද සෑර්? අපි ජාතික ධනයම පාක්ෂිකයන්ට දීල, අපිත් ටිකක් ගත්ත නේද සෑර්
අනේ යන්න නාමල් යන්න මෙතන පච කියන්නේ නැතුව. ඉස්සර දෙහිවල කුලියට හිටියේ. දැන් කොළඹ ගෙවල් කීයක් තියනවද? මිරිහාන පැත්තම අල්ලලා තියෙන්නේ. ඒ ඔක්කොම ගත්තේ ඔයාගේ තාත්ත 2005 වසරට පස්සේ.
ජනතා විමුක්ති පෙරමුණ යනු දේශපාලන පක්ෂයකි. දේශපාලන පක්ෂයක් යනු බහුජන ව්‍යාපාරයක් මිසක එක පුද්ගලයෙක්ගේ දෙන්නෙක්ගේ වැඩක් නොවෙයි. එනිසා පක්ෂ අරමුදල් පක්ෂ සදහා සමාජිකයන්ගේ සහ හිතවතුන්ගේ සහාය ලබා ගන්නවා ඇරෙන්න එක් කෙනෙක් දෙන්නෙක් මුදල් පොම්ප කරන දේශපාලනයක් ජ. වි. පෙ. නැහැ. හොරකම් කරනවාට අමතරව මැරකම් ජඩකම් කිරීම ඇරෙන්න දේශපාලන කරලා නැති එවුන් කොහොද ඕවා දන්නේ.
පලයං පුතා යන්න. උං තියන අය ගැන නොකියා හිටියේ නෑ. අපිත් උඹලට කිරි හට්ටි ගෙනාවට නොවේ බනින්නේ, බලෙං ගත්තටයි හොරකං කරාටයි. උං කියපුවා මතක තීන්න උඹ සිහියකින් හිටියා ඇයි.
අනේ, ගොන්වස්සෝ, අපි උපකල්පනය කරමු එයාලා ඒක මිනිස්සුන්ගෙන් ගත්තා කියලා, ඔයා කොහොමද එච්චර වත්කම් උපයා ගත්තේ... ඔයාගේ ආච්චි අම්මා ඔයාට තවත් මැණික් බඳුනක් දුන්නද? නැත්නම් සුනාමියෙන් පස්සේ සහ එල්ටීටීඊයෙන් ඔක්කොම ලැබුණා ද හොරා.
මම හිතන්නනේ අනුන්ගෙන් ඉල්ලාගෙන කන්න පුළුවන් හිගන්නෙකුට විතරයි. හැබැයි ඒත් තමන්ට නැත්නම් විතරයි. දේශපාලකයින්ට ජනතාව දෙන දේ ගන්න පුළුවන් නම් දිසාපතිට ජනතාව දෙන දේ එකතු කරගෙන ගෙදර ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ අල්ලස නීත්‍යානුකූල කියන එකද?
අභියෝග වලට බය නැති හොර පෙරකදෝරුවා ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රිංග ගත්තා .ජනතාව රවට්ටපු ,මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු , ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරගෙන කාපු දූෂිත පවුල් පාලනේ උන්ගේ කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .
අනේ පව්! මෙහෙම ගොබ්බයෙක්. පොහොට්ටු පස්සේ ජාතික සංවිධායක කිව්වට මූ කරන්නේ අනුන්ගේ කෙහෙල් කැන් කර ගහගෙන නරියෙක් වගේ බෙරිහන් දීම විතරයි.