
(අංජුල මහික වීරරත්න)
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ රෝගී සුරක්ෂිතතාවය ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ සෑම වර්ෂයකම සැප්තැම්බර් මස 17 වන දිනට යෙදෙන “ලෝක රෝගී සුරක්ෂිතතා දිනය’’ වෙනුවෙන් පැවැති විශේෂ සැමරුම් උත්සවය අමතමිනි.
කොළඔ ගෝල්ෆේස් හෝටලයේ මෙය පැවැත්විණි.
වාර්ෂිකව විවිධ කාලීන මාතෘකා යටතේ මෙම දිනය සමරනු ලබන අතර 2025 වර්ෂයේ තේමාව වනුයේ “සෑම අළුත උපන් බිලින්දකුම සහ සෑම දරුවකුම වෙනුවෙන් සුරක්ෂිත සෞඛ්‍ය සේවාවක් ලබාදීමයි ’’ යන්නය.
මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශණය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉෂානි රොඩ්‍රිගෝ මහත්මිය විසින් පවත්වනු ලැබීය.
සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ තත්ත්ව කාර්ය සාධන ඇගයීමේ (QPET) වෙබ් පිටුව මෙන් ම සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සදහා සම්පාදිත ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහි දී සිදුවිය.
එමෙන්ම රෝගී සත්කාර සේවාවන් වෙනුවෙන් විවිධ ව්‍යාපෘතී ක්‍රියාත්මක කරමින් රෝගී ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම, සුරක්ෂිත රෝගී සත්කාර සේවාවක් ලබා දීමට කටයුතු කිරිම වෙනුවෙන් කාසල් වීදියේ කාන්තා ශික්ෂණ රෝහල සහ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල මෙහි දී අමාත්‍යවරයාගේ සුරතින් රන් සම්මානයෙන් පිදුම් ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නිදහස් සෞඛ්‍ය සේවාව ඉහලින්ම තිබුණු බව ඇත්ත. අද තත්ත්වය කණගාටුදායක බවත් ඇත්ත නේද? විශේෂාංග වෛද්‍යවරු නෑ. බෙහෙත් නෑ. හෘද සැත්කමට අවුරුදු තුනක් පෝලිම. ස්නායු ශල්‍ය ඒකකයේ තත්ත්වය භයංකරයි. ස්නායු සැත්කම් කළ නොහැකිව ජීවිත කීයක් නැතිවෙලා යනවාද? සුදුසුකම් ලත් වෛද්‍ය විශේෂඥයින් හට සාධාරණ ඉහළ වැටුපක් ගෙවන්න ඕනෑ නේද? විශේෂයෙන්ම ස්නායු හෘද උරස් වැනි වෛද්‍යවරු හිඟ ඒ නිසා නේද?
දැන් එතකොට 70 අවුරුදු සාපේ කිය කියා පහුගිය කාලේ බැන්නේ බොරුවට ද ඇමතිතුමෝ?