
(අංජුල මහික වීරරත්න)
ස්වභාවික පරිසර පද්ධතියට හානි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවැසීය.
පරිසරය පිළිබඳව අවබෝධයකින් හා සැලසුමකින් තොරව කරන ලද ඉදිකිරීම් හේතුවෙන් කොලොන්නාව ගංවතුර ඇතුළු, පාරිසරික බලපෑම් රැසකට මුහුණ පා සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ, කීරකොටුවක් පැවති ඉඩමක් ගොඩ කර, තාප්පයක් ඉදි කර ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එම නීති විරෝධි කටයුත්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව ප්‍රකාශ ප්‍රකාශ කළේය.
පරිසරයත්, මානවයාත් දෙකක් නොව එකක් ලෙස සිතා කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන සතියට අදාළ පරිසර වැඩසටහනට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
ඒ අනුව ගොතටුව තෙත්බිම් උද්‍යානයේ දී රුක් රෝපණ වැඩසටහනක්, පාසල් සඳහා කොස් සහ අඹ පැළ බෙදා දීමේ වැඩසටහනක් හා ප්‍රදේශවාසීන් සඳහා පොල් පැළ බෙදා දීම සිදු කෙරුණි.

2025 ඔක්තෝබර් මස 08
1880
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පරිසරයට හානි කරන අයට දැඩි නීති පියවර