
(එස් ඩී කොඩිකාර සහ අජිත් ලංකාතිලක)
දෙණියායේ සිට මාතර දක්වා රොගීන් දෙදෙනකු රැගෙන යද්දී අනතුරට පත් ගිලන් රථයේ තිබී බියර් කෑන් දෙකක් සොයාගත් බව මොරවක පොලිසිය කියයි.
දෙණියාය මූලික රෝහලට අයත් ගිලන් රථයක් මොරවක අතුඇල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන නිවසක ගේට්ටුවක වැදී අනතුරක් සිදුව තිබිණි.
අනතුර සිදුවන අවස්ථාවේ ගිලන් රථය මාතර මහ රෝහල වෙත රෝගීන් රැගෙන යමින් සිට ඇති අතර අනතුරින් පසු රියදුරු පලා ගිය අතර පසුව පොලිසිය බාර විය.
රියදුරා බීමතින් සිටියේ ද නැද්ද යන්න සොයා බැලීම සදහා මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා යොමු කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.
අනතුරට පත් ගිලන් රථයේ ඉදිරිපස බීර කෑන් දෙකක් තිබී සොයාගත් බව පොලිසිය කියයි.
මාතර මහ රෝහල කරා රැගෙන යමින් සිටි රෝගීන් දෙදෙනා සෞඛ්‍ය අංශ සහ පොලිසිය මැදිහත් වී වෙනත් ගිලන් රථයක් ගෙන්වා රෝහල් කරා යවා තිබූ අතර අනතුරින් ඔවුන්ට කිසිදු හානියක් සිදු නොවී තිබූ බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වෘත්තීමය සදාචාරය අන්තිමයි. අවිනීතිය සහ දූෂණය රජ කළා, මුදල් පසුපස හඹා ගිය නොසන්ඩාල සංස්කෘතියේ පල විපාක. හැමදේම බාහිර නීතිවලින් හදිය නොහැකි බවත් , පුද්ගල යහපත් ක්‍රියාකලාපය වඩාත් වැදගත් බවත්, ලාංකිකයෝ තේරුම් ගන්නේ කවදාද?”
රාජ්‍ය ආයතන වගේම පෞද්ගලික බස් රථ ගාල් කරන ප්‍රධාන බස් නැවතුම් පොළවල් අසල ඇඟිලි සලකුණු වෙනුවට රියදුරු මහතුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පරීක්ෂා කරන යන්ත්‍ර සවිකරනු.ඵමගින් රෝහල් ගාස්තු(සැත්කම් සමග)වන්දි මුදල් ජීවිත හානි මාර්ගවලට වන හානි වශයෙන් විශාල නිරපරාදේ වැයවන මුදල් දේපළ හානි වලක්වා ගත හැකිය යන්න මගේ අදහසයි.