
(මහේෂ් කිර්තිරත්න)
උකුවෙල සණස බැංකුවේ පසුගිය පාලන කාලය ගෙන තිබු තිරණ නිසා බැංකුවට සිදුව ඇති පාඩු හේතුවෙන් ඔවුන්ට එරෙහිව වහා නිතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා වත්මන් සභාපති හිමාලි හේරත් මහත්මිය ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය සමාජික සමාජිකාවෝ පිරිසක් අද දහවල් උකුවෙල සණස සොබා දහම් ගොවිපළ ඉදිරිපිටදි සාමකාමි විරෝධතාවක නිරත වූහ.
සභාපති හිමාලි හේරත් මහත්මිය එහිදි කියා සිටියේ පසුගිය පාලන කාලයේ බැංකුව සතු ගොවිපොල ඇපයට තබා වෙනත් බැංකුවකින් ගත් රුපියල් කෝටි පහක ණයක් ගෙන එය ගෙවිම් පැහැර හැරිම නිසා දැන් රුපියල් කෝටි 11ක් ගෙවිමට සිදුව ඇති බවයි.
මේ හේතුවෙන් ඉඩම වෙන්දේසි කිරිමට කටයුතු කර ඇතැයි ද පැවති විරෝධතා හමුවේ වෙන්දේසිය තාවකාලිකව නතර කර ගැනිමට හැකිවු බවද ඇය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd