
(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය සේවකයන්ගේ කරපිටින් රජ පුටුවලට පැමිණි මාලිමාව අද රාජ්‍ය සේවකයා අනාථ කර ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වත්මන් රජය බිහි කරන්නට දැවැන්තම ජන වරමක් ලබා දුන් රාජ්‍ය සේවක ප්‍රජාව වෙනුවෙන් රජය ඉටු කරන දේවල් සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය හමුවූ අවස්ථාවට එක්වෙමිණි. වත්මන් රජය වෙනුවෙන් ලක්ෂ 14ක් 15ක් වන රාජ්‍ය සේවකයන් ඉහළ ප්‍රතිශතයකින් ඡන්දය ප්‍රකාශ කළ බවත් එම දැවැන්ත ජනවරම තුළ රාජ්‍ය සේවකයා තෘප්තිමත් ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විදුලි බල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යූහගත කරනවා කියා විදුලි බල මණ්ඩලයේ 23000ක් සේවක පිරිස අනාථ කර ඇති බවත් විදුලි බල ක්ෂේත්‍රයේ විදුලි ජනනය සම්ප්‍රේෂණය බෙදා හැරීම යන කොටස්වල ලොකු ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වී තරගකාරීත්වය සහිත නව වැඩපිළිවෙළකට යා යුතු වුවත් මේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
විදුලි සේවකයන් මහපාරට බස්සවා පවතින ආණ්ඩු අපහසුතාවට පත් කර රාජ්‍ය සේවකයාගේ කර පිටින් බලයට පැමිණි වත්මන් රජය අද විදුලි බල ක්ෂේත්‍රයේ 23000ක් සේවකයන් අනාථ කර ඇති බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
එදා විදුලි බල ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයා ලෙස කටයුතු කළ පුද්ගලයා ඒ පිහිටෙන් කඩුවෙල නගරාධිපති වූ පසු විදුලි බල ක්ෂේත්‍රයේ සේවකයන් අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාණෝ තමායි අනාථ වෙලා...
අපි ඒ අයව අපේ කාලේ සනාථ කරලා තිබුණේ, නේද සර්?
තමුන් ඉස්කෝලෙ ගානේ ගිහින් බස් බෙදුවා. ජපනා වෙන්න හැදුවා.. පක්ෂයවත් හරියට කරගන්න බැරුවා. ඒකත් හෝදා පාලුවට යනවා. ජනාධිපති වෙන්න සිහින මැව්වා. ඒකත් හබක්, සදාකාලික විපක්ෂ නයකයා. ළාමක ටින් ටින් කියලා කිව්වේ තේරුමක් ඇතිවනේ?
බොරු විදින්න එපා විපක්ෂ නායක තුමෝ, මේ කරපු හරිය මදිද, වැටුප් වැඩි කළා. ඔයිට වඩා දෙන්න ගියොත් රටේ සාමාන්‍ය ජනතාව රජයට ගල් ගහවි, මෙයා කතා කරන්නේ රජයේ සේවකයින් විතරක් හිටියාම ඇති වගේ, රජයේ සේවකයින්ට ඔහොම මැසිවිල්ලක් නැහැ..
මෙයා දෙපැත්ත කනවා... ගොවියා ළඟට ගිහින් වී මිල අඩුයි කියලා කුලප්පු කරනවා... සාමාන්‍ය ජනතාව ළගදී හාල් මිල වැඩිය කියනවා මෙහෙම විපක්ෂ නායකයෝ සාපයක්, විදුලි බල මණ්ඩලයේ අයගෙන් අහන්නේ තමුන්නැහැලා කියන එකද හරි? ඇත්ත ඒක විතරද?
අනේ පලයං මහත්තයෝ යන්න.
ඔව් ඔව් හැම මාසෙටම නිකන් ඉඳලා ලක්ෂ ගණන් පඩි දීමනා කන උන්ට තවත් බෙදා පල්ලා! දෑතේ විරියෙන් උපයා සපයා ගන්නා ගොවියන් ධීවරයන් විවිධ කර්මාන්තවල කම්කරුවන් බිත්තියට හේත්තු කරලා ඉවරයි. පක්ෂ විපක්ෂ සේරම එකතුවෙලා උන් ටික මරලා දාලා රජයේ සේවකයන්ගේ ඡන්දවලින් උඹලා රජ වෙයල්ලා.
විපක්ෂ නායකතුමා මේ කියන්නේ මොන රටේ රාජ්‍ය සේවකයන් ගැන ද? ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්වන අපට නම් අද කිසිදාක නොතිබුණ ආකාරයෙන් ස්වාධීනව රාජකාරි කරගෙන යාමේ හැකියාව ලැබිලා තියෙනවා. රාජ්‍ය ආදායමට අනුව ලබාදිය හැකි ඉහළම වැටුප් වැඩිවීම් ලබාදීලා තියෙනවා. හොරකමට දූෂණයට පුරුදු වෙච්ච මිනිස්සු නම් ඒ කියන විදිහට අනාථ වෙලා ඇති. රටට ආදරයෙන් වැඩකරන රාජ්‍ය සේවකයා අද ඉතාමත් නිදහස් මනසකින් තෘප්තිමත්ව රැකියාවේ නිරතව සිටිනවා.
අපොයි ඔව්... මෙයාලා බලයට පත්වෙලා ආණ්ඩු කරපු කාලේ රාජ්‍ය සේවකයෝ රජවරුන් වගේනේ හිටියේ...
තමුන්ට පුදුම අමාරුවක් නේද? සේවකයින්ගේ අඩු පාඩු මතක් කර දෙන එක හරි කැමැති ඇති නේද? උද්ඝෝෂණ කරන එකට ඒ තරම් රටට ජනතාවට ආදරෙයි. දැන් රටින් බාගයක් ඉන්නෙ කුඩ්ඩෝ. ඉතින් බිරියව අනාථ කරයි බලාගන ගෙදරට වෙලා ඉන්න. නැවත බලයක් ලැබෙන්නේ නැහැ. මුලු වැසියම මාලිමාවට. මේ තරම් දේවල් පහසුකම් දෙනකොට මොන මෝඩයාද, මොන්ගල් ගොබ්බයින්ට දෙන්නේ. මොවුන් රට කෑවා හොර මගඩි හැත්ත. මෙයත් සල්ලි එකතුකෙරුවාද දන්නේ නැහැ... පාතාලයෙන්...
මෙයාට තාත්තාට තරම් බුද්ධියක් තිබුණා නම්, හැමදාම විපක්ෂයේ ඉන්න වෙන්නේ නෑ. එක එක තක්කඩි දෙන ලණු කාලා විහින් විනාශ වෙනවා. මේ තරම් පැහැදිලිව රජය ගෙන යන වැඩ පිලිවෙල රටට හොදයි කියලා පේන්නම තිබියදීත්, බොරුවට උඩු බුරන්න ගිහින් තියන ජන ප්‍රසාදයත් බිංදුවට වට්ටා ගනිමින් ඉන්නවා. ඒ් වගේම උපන් ගෙයි මෝඩයෙක් කියලා ප්‍රදර්ශනය කරනවා. කරුමේ තමයි. තාත්තයි පුතයි දෙන්නාම ඒ් කාලේ ඉදන් කරපුවා පල දෙන්නත් එපැයි. දිට්ඨධම්ම වේදනීය කම්ම කියලා එකකුත් තියෙනවානේ...
විපක්ෂ නායක විදිහට ආණ්ඩුව කරන දේවල් ගැන හොද විවාදයක් දෙන්න ඕනේ. හැබැයි ඔබ මෙහෙම කියන්න මොන පදනමක් යටතේද කියලා හොදට පැහැදිලි කරන්න කරුණු සපයන්න. දැනට ජනතාව දන්නා විදිහට රාජ්‍ය සේවයට හොදම ප්‍රතිලාබ දුන්නේ මේ ආණ්ඩුවෙන්. වැඩකරන්නේ නැති, ජරාජීර්ණ වෙච්චි රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් කරන්න යනකොට නගින ප්‍රශ්නවලින් ඔබ විපක්ෂ නායක විදිහට වාසි ගන්න හදනවා නම්, එය ජනතාව රැවටීමක්. ඔබට මීට වඩා දෙයක් මේ රටේ මිනිස්සුන්ට කරන්න බැරිද? ඔය ඔලමොට්ටල වැඩ දැන් නවත්තන්න . කරුණාකරලා පොඩ්ඩක් මේ රට ගැන හිතලා රටට වැඩක් කියන්න බලන්න...
විදුලිබල ශේක්ෂ්ත්‍රය ප්‍රතිව්‍යුහගත කලයුතු කාලය පැමිණ තිබෙන බව අපි ජනතාව වසයෙන් පිළිගනිමු. මෙවැනි ආකාරයෙන් මේ ක්‍රියාවට අකුල් හෙලීම අපි ජනතාව වශයෙන් හෙලා දකිමු. විපක්ෂය වශයෙන් ඔබ කලයුත්තේ මේ සේවකයන්ට යම් අසාදාරනයක් වෙන්නම් එයට විරුද්ධව නැගීසිටීම මිසක් මෙම සමස්තය ක්‍රියාවලියටම විරුද්ධ වීම නොවේ.
අනේ එහෙමද. ඔබේ තොරතුරු වලට ස්තූතියි.
මටනම් පේන්නේ මාලිමාව ඔබතුමන්වත් සදකාලිකවම අනාත කරලා.
අනාථ නොවී තියෙයිද "උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු" කියලා ඡන්ද රැස්වීම වලට ආපු සහ මැතිවරණ පෝස්ටර් ගහපු එවුන්ට රජයේ රැකියා දුන්නහම?