
(සුජිත් හේවාජුලිගේ)
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (I.CT.A) ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා පැවසුවේ විගණන වාර්තාවකින් හෙළිදරව් කෙරුණු කරුණු පදනම් කරගෙන ඔහු එම තනතුරින් මෙසේ ඉවත් කෙරුණු බවයි.
අදාල සිද්ධිය පදනම් කරගෙන ඔහුට කරුණු ඉදිරිපත් කිරීමටද අවස්ථාව සලසාදී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මේ අතර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය ඈවර කිරීමට කටයුතු කරන බවත් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් ලේකම්වරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් අප මහේෂ් පෙරේරා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා මේ දිනවල නිවාඩු ලබා සිටින බවයි.
මහේෂ් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙසද කාලයක් කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවන කොටස. මා සිය ගණනක් මෙතැන මා මුහුණදුන් ආකාරයේ සම්මුඛ පරීක්ෂණ මෙහෙයවා ඇති පුද්ගලික සහ රාජ්‍ය ආයතන වල. ඒ ලැබූ අත්දැකීම් තුලින්ම මට හැඟී ගියා මේ ජවසම්පන්න තරුණ පිරිස නියමාකාරයෙන් මෙහෙයවීමක් සිදු නොවන බවට. ඔවුන් මා ඔවුන්ගේ CEO මුණගස්වන සම්මුඛ පරීක්ෂණයකට කතා කරනවා කියා එදා එතැනින් ඒ සාකච්ඡාව අහවර වුණා. ඒත් කවදාවත් මට කැඳවීමක් ලැබුනේ නැහැ. කෙසේ වෙතත් මා ටික කලකින් ස්විට්සර්ලන්තයට ආවා හොඳ වැටුපක් සමග රැකියාවකට. මටබෙදා තේරුම් ගියා මෙම ආයතනයේ අරමුණු හොඳ වුවත් ඒවා ලඟා කරගැනීමට දරන ප්‍රයත්නය ඉතාම දුර්වල බව...