
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ලක්ෂ්මි කුඩලිගම)
ත්‍රීරෝද රථයකින් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.
එම සැකකාරිය සමඟ බූලි තුනක බහා තිබූ මත්පැන් ස්ප්‍රීතු බෝතල් 135 ක් හා ප්‍රවාහනයට යොඳාගත් ත්‍රී රෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
වැලිපැන්න පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පේරුසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දූෂණ වැටලීම් රාජකාරී යෙදී සිටිය දී දීර්ඝ කාලයක සිට නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන සැකකාරිය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ත්‍රීරෝද රථයක් නවතා පරික්ෂා කිරීමේ දී මෙම නීති විරෝධී මත්පැන් තොගය සමඟ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන තරම් දූෂණ ලමා අපචාර කරන්නේ මහ ජාතිය. නමුත් සුලු ජාතිය වැරදි දැක්ක ගමන්, ජාතිවාදී කීබෝර්ඩ් වීරයෝ හෑලි ලියනවා.