
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා නව දිස්ත්‍රික් සංවිධායකවරු සිව් දෙනෙක් පත්වීම් ලැබූහ.
අනුරාධපුර මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ආර්.ඩී.කේ සුසිල් තිලකරත්න, තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී බී.එම් සෙනරත් බද්දේගම, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ඩබ්ලිව්. සනත් කුමාර බස්නායක, ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඩබ්ලිව්.එම්. සමන්ත නාමල් විජේවර්ධන මහත්වරු මෙලෙස නව දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස පත් වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා අතින් මෙම පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර, මෙම අවස්ථාවට එම පක්ෂයේ මහ ලේකම්, අනුරාධපුර දිස්ත්‍රික් නායක දුමින්ද දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහත්වරුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර රත්තරන් තුවක්කුවේ අයිතිකාරයා නේද මැද ඉන්නේ..
ඔව් එකතුවෙලා කොහොම හරි දිනවල දෙන්න... මේ නිමල් සිරිපාල දුමින්ද දිසානායකලා මාර වැඩ කොටසක්නේ රටේ ජනතාව වෙනුවෙන් කරලා තියෙන්නේ පව් ඇත්තටම ඔයාලා..
බාගෙට එම්බාම් කරපු මලමිනි වගයක් නම් ෆොටෝ එකේ තියෙනවා. පණ තියෙන එකෙක්නම් නැහැ.
මෙතන ඉන්න සියලුම දෙනා... අයි ආර් සී කාරයෝ වගේ... නූගතුන් පිරිසක් වගේ...
පරමාර්ථ හොරකම, මැරකම වෙච්ච හිස් ඔලුගෙඩි ටිකක කොත්තුරොටියක්.
මේ වගේ නව අදහස්වලින් පිරිච්ච යෞවනයෝ ටිකක් තමා අඩු වෙලා තිබ්බේ. එන්.පි.පි එකට ලේසි වෙන්නේ නැහැ. මේ පාර නම්
කස්ටිය දැක්කම දුකයි අනේ .