
(අංජුල මහික වීරරත්න)
කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිලකට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවා ය.
ජාතික විදුලි බල පද්ධතියේ අවශ්‍යතාවයෙන් 12% හෙවත් මෙගා වොට් 350ක් ලබාදෙන කෙරවලපිටිය "සොබාදනවි" සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
"රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිළකට විදුලිය ලබා දෙමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාර්යයට නිෂ්පාදකයින් වැඩි වශයෙන් දායක කර ගැනීම රජයේ අරමුණක්.
ඒ වගේම දේශීය ඉංජිනේරුවන් ඇතුලු දේශිය මානවසම්පත විසින් මේ විදුලි ජනන පද්ධතිය නිර්මාණය කිරීමට කටයුතු කිරීම ගැන මම සතුටට පත්වෙනවා.
ආයතනික ලෙසත්, පෞද්ගලිකවත් විදුලිය භාවිතයේදී වඩා අරපරිස්සමින් අනවශ්‍ය විදුලි භාවිතයන් සීමා කරමින් ජාතික ආර්ථිකයට දායක වන ලෙස ජනතාවට ආරාධනා කරනවා යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එපා... තියෙන ගාන ඔහොම්ම තියන්න.
කටින්ද කතා කරන්නේ..?
සෝලා විදුලියත් ගල් අඟුරු සහ සුළං විදුලි බලාගාරවලට නම් පුළුවන් වෙයි, එත් ඔය ඔක්කොම නැවැත්තුවෙත් ජවිපෙ උද්ගෝෂණ කරලා තමයි
මිල අධික LNG හෝ තෙල් මත පදනම් වූ විදුලි උත්පාදනයකට යාම වෙනුවට සූර්ය බලශක්තිය සහ සුළං බලයෙන් ලාභදායී කුඩු උත්පාදනයකට නොයන්නේ ඇයි? LNG සහ තෙල් සදහටම විදේශයන්ගෙන් ආනයනය කළ යුතුයි. සූර්ය බලශක්තිය සහ සුළං බලය සඳහා ඉහළ ආරම්භක ස්ථාපන පිරිවැයක් දැරීමට සිදුවේ, නමුත් KW පදනමක් මත එය වෙනත් ඕනෑම පොසිල ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනයකට වඩා දිගු කාලීනව බෙහෙවින් ලාභදායී වේ.