ජනපති මත් නිවාරණ වැඩසටහනේ දක්ෂතා දැක්වූ නිලධරයෝ අගයති මතින් නිදහස් රටක්, සංකල්පය සාර්ථක කර ගැනීමට කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඇගැයීමට ලක් කරන ‘ජනපති ප්‍රශංසා සම්මාන උළෙල’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. 28 January 2019
අරිවියල් දුම්රිය ස්ථානය විවෘත කරයි කිලිනොච්චිය අරිවියල් නගර් උප දුම්රිය ස්ථානය විවෘත කිරීම ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතින් අද (27) සිදුකෙරිණි. 27 January 2019
උත්තර දේවී ගමන් අරඹයි කොළඹ - යාපනය කන්කසන්තුරේ උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව අද (27) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරිණි. 27 January 2019
70 වෙනි ඉන්දියානු ජනරජ දින සැමරුම 70 වෙනි ඉන්දියානු ජනරජ දිනය සැමරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොසාරිස් තරංජිත් සිං සන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොසාරිස් නිලනිවසේ දී අද (26) පැවැත්විණි. 26 January 2019
ඕස්ට්‍රේලියාවෙන් අධිවේගී ප්‍රහාරක බෝට්ටු තුනක් ඕස්ට්‍රේලියානු රජය විසින් පරිත්‍යාග කරන ලද අධිවේගී ප්‍රහාරක බෝට්ටු තුනක් අද (25) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත ඕස්ට්‍රේලියා තනාපති අතින් පරිත්‍යාග කෙරිණි. 25 January 2019
හෙට පෙනෙන කොළඹ අද ඉදිවන හැටි 2019 වර්ෂයේ දී ඡායාරූපකරණය සඳහා කොළඹ නගරය සුදුසු සංචාරක ගමනාන්තයක් ලෙස නම් කෙරුණි. කොළඹ නගරයේ සුන්දරත්වය දිනෙන් දින අලුත්වන අතර දැවැන්ත නිවාස සංකීර්ණ මෙන්ම සාප්පු සංකීර්ණ ද මේ වන විට ලහි ලහියේ ඉදිවෙමින් පවතී. 25 January 2019
ජනපති-සිංගප්පූරු අගමැති අතර හමුවක් සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට අග්‍රාමාත්‍ය ලී සියැන් ලූන්ග් මහතා අතර හමුවක් අද පැවැත්විණි. 25 January 2019
සරසවි සිසුහු කොටුව දුම්රියපොළ අසළ විරෝධතාවයක නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(24) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දැන් පැවැත්වේ. 24 January 2019
ඉතිරිකිරීමේ බැංකු සේවකයෝ වීදි බසිති ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සාමුහික ගිවිසුම් ප්‍රමාද කිරීමට එරෙහිව හා තෙවසර සඳහා වැටුප් හා දීමනා ලබා දෙන ලෙස බලකරමින් ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණක් අද (24) ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිටදී පැවැත්විණි. 24 January 2019
ජනපති - සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් මැතිණිය අතර හමුව අද (24) සිදු විය. 24 January 2019
හිටපු ජනපතිගේ බාල පුතු යුගදිවියට හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය වීරකැටිය මැදමුලන දී අද (24) පැවැත්වේ. 24 January 2019
වතු කම්කරු වැටුප ඉහළ දමන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා වතු කම්කරුවෝ සහ සිවිල් ක්‍රියාකාරීහු පිරිසක් අද (23) කොළඹ ගෑස් පහ හන්දියේ සිට පා ගමනින් පිටකොටුව බෝධිය අසලට පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ. 23 January 2019
පිළිකා රෝගීන් වෙනුවෙන් වරලස දන්දෙති මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රොගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හිසකෙස් සහ ලේ දන්දීමේත් ශරීර අවයව දන්දීමට පොරොන්දු පත්‍ර අත්සන් කිරීමේත් වැඩසටහනක් බළන්ගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණි. 23 January 2019
ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් නිම කළ 286 ක් විසිර යති ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් පාඨමාලාවන් හා පැරෂුට් පුහුණු පාඨමාලාවන් සාර්ථකව නිම කළ 286 දෙනෙකු විසිරයාමේ පෙළපාළියක් කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ දී පැවැත්විණි. 23 January 2019
දේශීය සිනමාවට වසර 72ක් පිරීම නිමිත්තෙන් සැමරුම් උළෙලක් දේශීය සිනමාවට වසර 72 සපිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 47 සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු හා සම්මාන ප්‍රධානොත්සවයක් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) කොළඹ 7 ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. 22 January 2019
සියපත් සෙවන මහල් නිවාස සංකීර්ණය විවෘත කෙරේ දෙමටගොඩ සියපත් සෙවන මහල් නිවාස සංකීර්ණයේ දෙවැනි අදියර විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (22) සිදුකෙරිණි. 22 January 2019
මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරි අරඹයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ නිල වශයෙන් අද (22) රාජකාරි කටයුතු ආරම්භ කළේය. 22 January 2019
කළමනාකරණ සහකාර සේවකයෝ විදී බසිති වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනය සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණයක් අද (22) මහනුවර නගරයේදී පැවැත්විණි. 22 January 2019
ඩඩ්ලි සේනානායකගම-විහාරමහාදේවිගම ජනතා අයිතියට පත්කෙරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව - වහමල්ගොල්ලෑව ඉදි වූ ඩඩ්ලි සේනානායකගම සහ විහාරමහාදේවිගම ජනතා අයිතියට පත්කිරීම සිදුවිය. 22 January 2019
කොට්ටාවේ නන්ද හිමිට නව ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම ජනපති ප්‍රධානත්වයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝන්ග් අයිලන්ඩ් බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති කොට්ටාවේ නන්ද ස්වාමින් වහන්සේ වෙත මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී වනවාස නිකායේ ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවමෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. 20 January 2019
ජනපති පාගොඩ විජය ආරාමයේ වාහල්කඩ-රන්වැට නිරාවරණය කරයි නුගේගොඩ පාගොඩ ශ්‍රී විද්‍යා විජය ආරාමයේ වාහල්කඩ හා රන්වැට නිරාවරණය කිරීමේ උත්සවය ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධනතත්වයෙන් අද( 20) විජය ආරාමයේ දී සිදු කෙරෙණි. 20 January 2019
ජනපති සදහම් යාත්‍රා වැඩසටහන ඓතිහාසික කල්‍යාණ රජ මහා විහාරයේදී ‘ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා‘ මාලාවේ 46 වැනි දම් සභා මණ්ඩපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) ඓතිහාසික එගොඩ කැලණිය කිත්සිරි මෙවන් කල්යාන රාජ මහා විහාරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි. 20 January 2019
ජනපති පිලිපීනයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) පෙරවරුවේ පිලිපීන පොලිස් මූලස්ථානය වෙත ගොස් එහි මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 19 January 2019
සේනා දළඹුවන්ගෙන් විනාශ වූ බඩඉරිඟු වගාවන් සඳහා වන්දි දෙන්නැයි උද්ඝෝෂණ සේනා දළඹුවා විසින් විනාශ කරනු ලැබු අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කරන ලද බඩ ඉරිගු වගාවන් සඳහා වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ගොවිහු පිරිසක් අද (19)දින අනුරාධපුර සිවලාකුලම හන්දියේදි උද්ඝෝෂණයක නිරත වුහ. 19 January 2019
ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුර නිමවෙයි ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සරඹ පිටියේ දී පැවැත්විණි. 18 January 2019
බ්‍රිතාන්‍ය නව ආරක්ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්විම ලබා පැමිණි කර්නල් ඩේවිඩ් අෂ්මාන්මහතා අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය. 18 January 2019
පිලිපීනයේ ජාතික වීරයින්ට ජනපතිගෙන් පුෂ්පෝපහාර පිලිපීනයේ නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පිලිපීන විප්ලවයට උර දුන් ජාතික වීරයින් සිහි කරමින් ඔවුනට පුෂ්පෝපහාර දැක්වීය. 18 January 2019
ඉණවටක් ගිලෙන නෑසියන්ගේ කරමතින් අවසන් ගමන යනහැටි බදුලු ඔය හරහා එගොඩ මෙගොඩ වීමට පාලමක් නොමැතිවීම හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන කිහිපයක වැසියෝ අපහසුතාවට ලක්ව සිටිති. 18 January 2019
ෆයිනස් රක්ෂිතයේ ගින්න සිව්වැනි දිනයටත් ඇදෙයි ගින්ගත්හේන පොලිස් වසමට අයත් කඩවල ප්‍රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක සිව් දිනක් තිස්සේ හට ගත් ගින්න තවදුරටත් පැතිර යමින් පවතී. 18 January 2019
ඉකසුචී’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි හම්බන්තොට වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව අද(17) සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් හම්බන්තොට වරායෙන් පිටත් විය. 17 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026