ඇමතිවරු ඥානසාර හිමිගේ සුවදුක් විමසීමට යති සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුවදුක් විමසීම සඳහා ඇමතිවරු පිරිසක් අද (21) වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පැමිණයහ. 21 February 2019
ක්‍රිකට් නිලවරණයට සාමාජිකයෝ එති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019-2021 කාලය පරිච්ඡේදය සදහා නිලධාරීන් පත්කරගැනීමෙි නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශාලාවේදී මීට සුඵ මොහොතකට පෙර ආරම්භ විය. 21 February 2019
ගංගාරාම නවම් පෙරහර දෙවැනි දිනට වීදී සරයි කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයේ 41 වැනි නවම් පෙරහර අද (19) රාත්‍රී වීදි සංචාරය ආරම්භ කෙරිණි. 19 February 2019
ජනපතිගෙන් තායිලන්ත නව රජුට ශ්‍රී මහා බෝධි අංකුරයක් තායිලන්තයේ 10 වැනි රජු ලෙස අභිෂේක ලබන මහා වජිරලංකෝන් රජතුමා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුභාශිංසන සමඟ උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක් අද (19) තිළිණ කෙරිණි. 19 February 2019
හුණුපිටිය ගංඟාරාමයේ නවම් පෙරහැර වීදි සංචාරය කෙරේ කොළඹ හුණුපිටිය ගංඟාරාමයේ හතලිස් එක්වන නවම් පෙරහැර ගංඟාරාම විහාරස්ථානය අබියසින් අද (18) රාත්‍රී වීදි සංචාරය ආරම්භ කෙරිණි. 18 February 2019
ඉරාන නාවික හමුදාවේ නෞකා තුන පිටව යයි කොළඹ වරායට සේන්දු වූ ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’,‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකාවන් අද (18) සිව්දින නිල සංචාරය සාර්ථකව නිමා කර කොළඹ වරායෙන් පිටත් විය. 18 February 2019
ජ’පුර සරසවියට වසර 60 ක් පිරීම නිමිත්තෙන් පිංකම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආරම්භ කර 60 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ සර්වරාත්‍රික පිරිත් දේශනයක් හා භික්ෂූන් වහන්සේලා 145නමක් වෙනුවෙන් සපිරිකර දක්ෂිණාවක් එම විශ්වවිද්‍යාලයේ බණ්ඩාරනායක ශාලවේදී පැවැත්විණි. 18 February 2019
මහජන එක්සත් පෙරමුණු සමුළුව ඇරැඹේ මහජන එක්සත් පෙරමුණේ 22 වන ජාතික මහා සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය . 17 February 2019
මන්දකට හසු වී දිවියෙක් මරුට හැටන් දිඹුල පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් වතු යායේ තේ වත්තේ සැරිසැරූ දැවැන්ත දිවියෙකු අද (16) අලුයම මන්දකට හසු වී මිය ගොස් ඇති බව දිඹුල පොලිසිය පවසයි. 16 February 2019
ශ්‍රී ලංකා - ජපාන ආරක්ෂක නිලධාරී සාකච්ඡාවක ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක බලකාය අතර මාණ්ඩලික සාකච්ඡා කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත්විණි. 15 February 2019
ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 3 ක් කොළඹ වරායට ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’, ‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකා ත්‍රිත්වය අද (15) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. 15 February 2019
නාවික හමුදාව හා ජපාන ආරක්ෂක බළකාය අතර මාණ්ඩලික සාකච්ඡා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක බළකාය අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව ඊයේ (14) සහ අද (15) කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත්විණි. 15 February 2019
ජායාරූප ශිල්පිණියන්ට සම්මාන පිරිනැමේ කොළඹ මහ නගර සභාව සහ ලෝක බැංකුව එක්ව ශ්‍රී ලංකා ශ්‍රම බලකාය සඳහා කාන්තාවන් දිරිගැන්වීමේ අරමුණින් සංවිධානය කළ ඡායාරූප තරඟයෙන් ජයග්‍රහණය කළ ජායාරූප ශිල්පිණියන් වෙත සම්මාන පිරිනැමීම කොළඹ නව නගර ශාලා පරිශ්‍රයේදී අද (15) පැවැත්විණි. 15 February 2019
ජනපති සුරතින් මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු පිරිනමයි සෑම මහවැලි ජනපදිකයකුටම ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දෙහිඅත්තකණ්ඩිය, නුවරගල මහා විද්‍යාලයීය ක්‍රිඩාංගණයේ දී සිදු කෙරිණි. 15 February 2019
සුරකිමු ශ්‍රී ලංකා ව්‍යාපාරය මගින් පැල බෙදීමේ වැඩසටහනක් සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය විසින් සෙනෙහසේ තුරුවියන රුක් රෝපණ ව්‍යාපෘතිය යටතේ පැල බෙදීමේ වැඩසටහනක් අද (14) කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී සිදුකෙරිණි. 14 February 2019
පැෆරල් වෙතින් ලංකාදීපයට සම්මානයක් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ 30 වැනි සංවත්සර උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද(14) පැවැත්විණි. 14 February 2019
තල්ගස් 50කට මන්දගාමී මරණය දකුණේ කප් රුක පොල් ගස නම් උතුරේ කප් රුක තල් ගස යයි හඳුන්වනු ලැබේ. මේ හේතුවෙන් ආහාර හා කෘෂිකර්ම ආඥා පනතින් රට දෙල් ගසට, බත් ගස හෙවත් කොස් ගසට ලබාදී ඇති ආරක්ෂාවම තල් ගසට ද ලබාදී තිබේ. ඒ සා වටිනාකමක් ඇති ඡායා හෙවත් ගැහැණු තල් ගස් ද ඇතුළු තල් ගස් 50ක් මිය යෑමට සැලස්වීම සම්බන්ධ සිදුවීමක් කල්පිටිය ප්‍රදේශයෙන් වාර්ථා වේ. 14 February 2019
’’එකට සිටිමු’’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ’’එක්ව සිතන්න, එක්ව හැදෙන්න’’ තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමගාමීව දියත් කෙරුණු ’’එකටසිටිමු’’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) කොටුව ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි. 12 February 2019
කෝට්ටේ ජනාධිපති විදුහලේ පිහිනුම් තටාකය සිසු අයිතියට කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ පිහිනුම් තටාකය සිසු අයිතියට පත්කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදුකෙරිණ. 12 February 2019
නව ව්‍යවස්ථාවක් ඉල්ලා විරෝධතාවක් ‘‘බලය ජනතාවට හිමිවන නව ව්‍යවස්ථාවක් සඳහා සටන් වඳිමු‘‘ මැයෙන් පෙරටුගාමී පක්ෂය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අද (11) කොළඹ කොටුව බෝ ගහ අසළදී විරෝධතාවක නිරත විය. 11 February 2019
නොර්වේ තානාපති උතුරු පළාත් ආණ්ඩුකාර හමුවෙයි යාපනයේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති තුර්බියොන් ගවුස්ටාඩ්සාතර් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. 11 February 2019
ටැබේබුයා මල් පිපිලා පේරාදෙණිය උද්භිද උද්‍යානය තුළ ටැබේබුයා නැමැති ගස්වල මේ දිනවල අලංකාර ලෙස මල් පිපී තිබෙනු දක්නට ලැබේ. 10 February 2019
මාලිහිදී දිවිපිදූ මේජර්වරයාගේ අවසන් කටයුතු හමුදා ආචාර මැද එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල රාජකාරී කරමින් සිටියදී මාලි රාජ්‍යයේදී සතුරු ඉලක්කයකට ගොදුරුව ජීවිතක්ෂයට පත්වූ ශ්‍රි ලංකා යුද හමුදාවේ මේජර් එච්. දිනේෂ් වසන්ත ජයවික්‍රම රණවිරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (07) පොලොන්නරුව පුලස්තිගම, අභයපුර පොදු සුසාන භූමියේදී පූර්ණ යුද හමුදා ගෞරව ආචාර මධ්‍යයේ සිදුකෙරුණි. 07 February 2019
කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 8 වසරට සුහුරු පන්ති කාමර ශ්‍රී ලංකාවේ පාසලක සමස්ත ශ්‍රේණියක්ම සුහුරු පන්ති කාමර බවට පත්කිරිමේ ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 8 වසර පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත්කිරිමේ උත්සවය අද (7) පැවැත්විණි. 07 February 2019
චීන තානාපති මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී එකම තීරයක් එකම මාවතක් යන සංකල්පය ඔස්සේ ගොඩ නැගෙන චීනයේ සේද මාවත සංවර්ධන වැඩපිළිවෙළ හා ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩ පිළිවෙළ තුළ ගැලපීමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් එක්සිව්යුවෑන් මහතා මල්වතු සහ අස්ගිරි පර්ශ්වයේ මහනායක හිමිවරුන් දෙනම හමුවේ පැවසීය. 06 February 2019
විදුහල්පති-ගුරු උද්ඝෝෂණයක් කොළඹදී විදුහල්පති දීමනාව සියළු විදුහල්පතිවරුන්ට ලබා දෙන්නැයි ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු- විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව ඇරැඹු උද්ඝෝෂණයක් අද (06) පැවැත්විණි. 06 February 2019
අස්වනු සමයේ වැසි ඇද හැළීමෙන් උතුරේ ගොවීන් අමාරුවේ මහකන්නයේ වී වපුරා අස්වනු නෙළීමේ කාලය පැමිණ ඇතත් මේ දිනවල උතුරේ ප්‍රදේශ රැසකට ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් අස්වනු නෙළිය නොහැකිව ගොවීහු පීඩාවට පත්ව සිටිති. 06 February 2019
අග්නිදිග සරසවි සිසුන් පන්දම් අතැතිව විරෝධතාවයක අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුහු එහි පාලනධිකාරියට විරුද්ධව රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාලයේ දොරටුව අභියස පන්දම් අතැතිව විරෝධතා ව්‍යපාරයක් පැවැත්වූහ. 05 February 2019
විපක්ෂ නායක - මාලදිවයින ජනපති අතර හමුවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ මාලදිවයින ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී මහතා අතර හමුවක් අද (05) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. 05 February 2019
පිටකොටුවේ කඩ සාප්පු වසා දමයි රේගු වෘත්තීය ක්‍රියාමාර්ග නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට සහ තොග වෙළදුන්ට සිදු වී තිබෙන පාඩුව පිළිබඳව පවසමින් ඔවුන් අද ( 05) පිටකොටුවේ සියලු වෙළෙදසැල් වසා දමා තිබේ. 05 February 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026