(රංජිත් රාජපක්ෂ )
හැටන් දිඹුල පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් වතු යායේ තේ වත්තේ සැරිසැරූ දැවැන්ත දිවියෙකු අද (16) අලුයම මන්දකට හසු වී මිය ගොස් ඇති බව දිඹුල පොලිසිය පවසයි.
කිසියම් පිරිසක් වල් ඌරන් දඩයම් කිරීම සදහා අටවා තිබූ මන්දකට දිවියා හසු වි ඇති බව පොලීසිය පවසයි.
පසුගිය කාලයේ ස්ටොනික්ලිප් වතුයායේ විශාල වශයෙන් දිවියන් සැරිසැරීම නිසා වන ජීවී නිලධාරීන් තේ වත්තේ සැරිසැරූ දිවියන් රක්ෂිතවලට පලවා හැරීමට විශාල මෙහෙයුමක්ද කළේය.
අඩි 4 ක් පමණ දිගකින් සහ අඩි 3 ක් පමණ උසකින් යුත් හොදින් වැඩුණු මෙම දිවියාගේ උදරය මන්දට හසු වී ඇති අතර මන්දෙන් බේරීම සදහා දිවියා උත්සහ කළ අවස්ථාවේ දිවියා එම මන්දට හිර වී මිය ගොස් ඇතැයි ඔවුහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවියා මන්දට අසුවී මිය යාම කණගාටුදායක වුවත්, මේ වත්තේ වැඩකරන සේවකයින්ට දිවියාගෙන් හානියක් නොවූ එකත් හොඳ දෙයක් යයි සිතමි.
මිනිසා වැසි වනාන්තර එලි පෙහෙළි කොට වගා කළා. සතුන්ට අයිති බිම් අල්ලාගෙන ඔප්පු තිරප්පු හදා ගත්තා.අනේ ! වන සතා සිව්පාවා සීමාවන්ට කොටුවුනා. මේ සතුන් චන්ඩ වෙන්නේ දරුණු මිනිසා ඉදිරියේදීයි. මේ සතුන්ට පුඩු තබා අල්ලලා නොමිනිසුන්ට දඬුවම් කිරීමට වන ජීවී එකට බැහැ. ලොකුවට බෝඩ් ලෑලි, සැපපහසු වාහන ඇතුළු සියලු පහසුකම් ඒ අය ලබන්නේ මේ වන සතුන් නිසයි. මේ වැනි දුර්ලභ වන සතුන් මෙසේ මරා දමන රටක වන ජීවී අමාත්‍යාංශයක් කුමකටද ? ඔප්පු නොතිබුනාට වන සතුන්ටද මේ පොලෝ තලය අයිති බව මස් වැද්දෝ නොදනිති. පරිසර තුලනයට මෙම සතුන්ද අවැසි බව මෝඩයෝ නොදනිති. මේ රටේ වගාවන් වලට මුවාවී වනසතුන් සංහාරය කෙරෙනා බව වන ජීවීය නොදනී. ඒවා වැලැක්වීමට ඔවුනට උවමනාවක් නැත්තේමය. තලගොයා, ගෝණා මීමින්නා, මුවා ඉබ්බා ආදී සතුන් දුටු තැන මරා කති. වනජීවී නීතිය පොතට පමණය. ක්‍රියාව සඳහා නොවේ. වන සතුන්ගෙන් වනය නොබෝ කලකින් හිස්වූ විට වනජීවියද නිරතුරුවම වැසීයනු ඇත. පාරිසරික තුලනය නොමැතිවීමෙන් මිනිසාටද ප්‍රශ්ණ ඇතිවෙයි.