යාපනයේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති තුර්බියොන් ගවුස්ටාඩ්සාතර් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති තුර්බියොන් ගවුස්ටාඞ්සාතර් මහතා සිය යාපනය සංචාරය අතරතුරදී උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතාට අමතරව යාපනය ආරක්ෂක බලකා මූලස්ථාන අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හා උතුරු පළාත් මහලේකම් ඒ. පතිනාතන් ඇතුළු නිලධාරීන් ද මුණ ගැසී සාකච්ඡා පැවැත්වීය.
තානාපතිවරයා සිය සංචාරයේදී ජස්ටින් බර්නාඩ් ඥාණප්‍රගාසම් යාපනය අග-රදගුරුතුමා ද හමුවිය.
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරයා එම සංචාරයේදී ‘සුපිරිසුදු බලශක්ති හා සෞඛ්‍ය යෙදවුම් සඳහා උසස් මූලද්‍රව්‍ය’ යන තේමාව යටතේ යාපනයේ පැවැති ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද සහභාගී විය.
බටහිර නෝර්වේ ව්‍යවහාරික විද්‍යා විශ්ව විද්‍යාලය සහ යාපනය විශ්ව විද්‍යාලය එක්ව එම සම්මේලනය සංවිධානය කර තිබිණි.
(055)




2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොර්වේ තානාපති උතුරු පළාත් ආණ්ඩුකාර හමුවෙයි